මෙතෙක්කල් මිගමුවේ ක්‍රියාත්මක වු පාතාල දේශපාලනය හෙළා දකිනවා-ශ්‍රිලනිප නව සංවිධායක කියයි!

0
88

tmp_5594-image-0-02-01-3385f5a4a35b956321d53c66574177f5e90a749e1cad2fd4e0fe34a08a1dd605-V269673763මිගමුව තුල මෑත ඉතිහාසය තුල ක්‍රියාත්මක වු දේශපාලනයේ පාතාලකරණය තමන් දැඩි සේ හෙළා දකින බවත් සියළුම  දේශපාලන පක්ෂ නායකයන් හා වඩාත් සුහදත්වයකින් තමා කටයුතු කරන බවත් ඒ හරහා මිගමුවට නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැගිමට පියවර ගන්නා බවත් මිගමුව නව ශ්‍රිලනිප සංවිධායක ලලිත්  ටෙන්සිල් මහතා  මිපුර වෙත විශේෂ  ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.කිතුණු,බොදුනු,මුස්ලිම් හින්දු ආගමික නායකයන්ද සමග එක්වි මිගමුවේ පතාල දේශපාලනයට තිත තබන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.ලලිත් ටෙන්සිල් මහතා මිගමුව  ශ්‍රිලනිප නව සංවිධායක ලෙස පත්කිරිම ඇමති ලංසා වෙත මෛත්‍රී  පිළ විසින් එල්ල කරන ලද මරු පහරක් බව මේ වන විට මිගමුවේ  දේශපාලන කවයන් අතර සංවාදයට ලක්වෙමින්  තිබේ.

ඡායා-අයිව‍ෝ ඩැනියල්