මෙදා සැරෙත් එන්නතට නගරාධිපති VIP පෝලිම් දායිද ?

0
80

ඇස්ට්‍රසෙනිකා එන්නත ලබාගැනිම සදහා ඊයේ දිනයේ මෙන්ම අද දිනයේද මිගමුව මාරිස්ටෙලා විදුහල අසල දැවැන්ත දැවැන්ත පෝලිම් දක්කනට ලැබුණි.
අද දිනයේ ජනතාව එ පෝලිම් වලට පැමිණ ඇත්තේ අලුයම 3 පමන සිටය.
කොරෝනා වසංගතය පැතිර යමින් ඇති වේගය නිසා කෙසේ හෝ දැනටමත් මාස 5 ක් පමාවි තිබුණ දෙවන මාත්‍රාව ලබාගැනිමට මෙසේ ජනතාව පොදි කන්නට පටන් ගෙනය.
මේ අතර අද දිනයේ සිට මිගමුවේ ස්ථාන කිපයකත් මහනගර සභා ශාලාව තුලත් එන්නත ලබාදිමට කටයුතු කරන බව සුපුරුදු පරිද නගරාධිපති සිය ෆේස් බුක් පිටුවේ දැන්විම් පටන් ගෙන තිබේ.
එන්නත්කරණ වැඩ සටහන මෙවත් පටන් ගන්නේ ලංසා පවුලේ ගමෙනි. එනම් වැල්ලවිදියෙනි.
පසුගිය කාලය පුරාම ඉතාමත් නින්දා සහගත ලෙසින් නගරාධිපතිවරයා විසින් සිය හිතවතුන්ට ඔහුගේ නිල කාමරය තුල VIP පෝලිම් සංවිධානය කර තිබුණ අතර එ සදහා දයාන් ලංසාගේ නිළි මිතුරියන් පවා කොළඹ සිට පැමිණ තිබුණ බවට කියැවිණි.
මෙවරද ලංසා සුපුරුදු පරිදි VIP පෝලිම් දමන්නේ නම් ඊයේ දිනයේ සිට මහ පාන්ද පෝලිම් වල තෙරපෙන ජනයා ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද ?අවාසනාවක මහත වන්නේ මිගමුවේ ඇති කොන්ද පණනැති ලංසා වාදි විපක්ෂය මේ සියළු අකටයුතු කම් වෙනුවෙන් මීක් නොකියති. පාරවල් කොන්ත්‍රාත් ගෙන හම්බ කිරිම පමණක් කරගෙන යති.