මේ බොහොමයක් බේත් වර්ග මෙරටට පැමිණ තිබුනේ පකිස්ථානයෙන් සහ ඉන්දියාවෙනි.
මෙසේ අත්අඩංගුවට ගැනුණ අලුත්ම පුවත් වාර්තා වන්නේ පෙරියමුල්ල ප්රදේශයෙනි.
මෙරට ලියාපදිංචි නොකළ පිළිකා නාශක හා හෘද රෝගීන් සදහා භාවිතා කරන ඖෂධ තොගයක් මිගමුව පෙරියමුල්ලේ නිවාස දෙකක නීතිවිරෝධී ලෙස ගබඩා කර තිබියදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හා විශේෂ කාර්ය බළකායේ භට කණ්ඩායමක් විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් ඖෂධ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 50 ට අධික බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්රකාශ කර ඇත
මෙම නිවෙස් දෙකේ ගබඩා කර තිබු ඖෂධ මෙරටට ගෙන්වීම හා අලෙවිය තහනම් කර තිබියදී සැකකරු මේවා ඉන්දියාවේ සිට ගමන් මළුවල සඟවාගෙන මෙරටට රැගෙන විත් ඇති බවද අධිකාරිය පවසයි.