“මෙල්වා ” වානේ කම්බි වලින් ,ඖෂධ නිෂ්පාදනයට …!

0
446

Screenshot from 2020-02-27 11-43-14මිගමුවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන මෙල්වා ප්‍රසිද්ධියට පත්වුයේ ප්‍රමිතිගත යකඩ කම්බි නිෂ්පාදකයෙකු ලෙසය. දැන් ඔහු ඖෂධ නිෂ්පාදනයටත් පිවිස තිබේ.
ඒ ඔහු විසින් ඒකල ප්‍රදේශයේ ම ඖෂධ නිෂ්පාදන ආයතනයක් ඉදිකිරිමට මුලපිරිමත් සමගය.
මේ ප්‍රවේශයට පෙර මෙල්වා සමාගම විසින් මිගමුව රෝහලට ළමා වාට්ටුුවක් මෙන්ම රාගම රෝහලට දැඩි සත්කාර ඒකකයක්ද ඔහුගේ වියදමෙන්  ලබාදිමට පියවර ගෙන තිබුණි.

මෙල්වා ආයතනය විසින් මිගමුවේ ඉදිකල ළමා වාට්ටුව
මෙල්වා ආයතනය විසින් මිගමුවේ ඉදිකල ළමා වාට්ටුව

මීගමුවේ රෝහලේ ස්ථාපිත මේ ළමා වාට්ටුව පිලිබදව දැනටමත් ගැටලු පැන නැගි ඇත්තේ එය රෝහලේ  පොදු පරිපාලනයෙන් බැහැරව එක්තරා විශේෂඥ වෛදරවරයෙකු පාලනයට නතුව ඇතැයි කියැවෙන නිසාය.
මේ අතර පසුගිය කාලය තුල රටතුල පුලුල් සංවාදයකට බදුන් වු ඖෂධ නියාමන අධිකාරිය කාර්ය භාරය අදටත් රටතුල තිරාණාත්මක එකක් වන්නේ ඒ අය විසින් ලබාදෙනු ලබන ඖෂධ පිළිබද අනුමැතිය රටක ජනතාවකගේ ජිවිත පැවැත්ම තින්දු කරනා බැවිනි..
මේ අනුව ඒකි අධිකාරියේ කිසිවෙකුටවත් ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ සමාගම් හා සමිප සබඳතා නඩත්තු කිරිම ඉතා පැහැදිලිවම වෘත්තිය සදාචාරයට පටහැනි වුවකි.Screenshot from 2020-02-27 11-43-32
තතු එසේ වුවද මේ වන විටත් මේ ඔෘෂධ නියාමන අධිකාරියේ ඇතැම් සමාජිකයන් හා ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන් අතර පවතින ඉතාම සමිප සම්බන්ධතාවය පිලිබදව තොරතුරු රැසක් මේ වන විට අනාවරණයවි තිබේ.
මෙය සැබැවින්ම බරපතල තත්වයකි.

මෙල්වා ඖෂධ නිෂ්පාදන ආයතනයට මුල්ගලතැබිම ( විඩියෝ )