මීගමුව නත්තල් පොළ යනු කවදත් පුවත් මැවු තැනකි.එයට හේතුව වි තිබුනේ එහි පාලනය කප්පම්කරුවන් වැනි වු පිරිසක් විසින් මෙහෙයවිමයි.
නත්තල් පොලේ ටෙන්ඩරය නිත්යාණුකූලව මහනගර සභාව විසින් ලබාදුන්නද කිසිවිටකත් එහිදි මුදල් අයකිරිම ටෙන්ඩර් කොන්දේසිවල වන මිළ ගණන් යටතේ සිදුකෙරුණේ නැත.
එය හැමවිටම වීදි වෙළෙන්දන් තලාපෙලා මුදල් අයකරගන්නා මෙහෙයුමක්ම විය.
මෙවර එය රුලක්ෂ 25කට ආසන්න මුදලකට ටෙන්ඩර් කොට ඇතැයි සැලය.
දැන් යහපාලනයට ඇති අභියෝගය වන්නේ මේය කප්පම් නත්තල් පොළක් විමට නොදි බේරා ගැනිමය.