මෙසිනා නගරයේ දී තවත් ශ්‍රිලාංකිකයෙකු සමුගනියි

0
59

15-heart-symptoms-s3-doctor-with-stethoscope-and-heartඉතාලියේ වෙසෙන තවත් ශ්‍රී ලාංකීකයෙක්  හෘදයාබාදය හේතුවෙන් මියයයි. පේරලන්ද පදිංචි 44 වියැති චාමින්ද නැමති පුද්ගලයෙකු මෙසේ මියගොස් ඇත.මොහු  ඉතාලියට පැමිණිමට පෙර මොහු ශ්‍රී ලංකා පොලීසීයේ සේවය කල අයෙකි.අවසන් වරට කොටහේන පොලීසියේ සේවය කර ඇත. වසර කිහිපයක සිට හෘදයාබාධය හේතුවෙන් ප්‍රතිකාර ගත් මොහු පසුගිය 04 දින හෘදයාබාධය හේතුවෙන් ඉතාලියේ මෙසීනා නගරයේ පාපාර්දොර්  රෝහලට ඇතුලත් කර ඇති අතර  සති දෙකක කාලයක් ප්‍රතිකාර ලබමින් සිටියදි අද 22 පස්වරු 2ට පමණ මරණයට පත් වී ඇත. අවසන් දින කිහිපයේදි හෘදස්පන්දන වේගය විනාඩියට 20 දක්වා අඩු වී ඇත. මෙම පුදගලයාගේ අවසන් කටයුතු ඉතාලියේම සිදු කෙරෙන බව වාර්ථා වේ.හෘදයාබාධය හේතුවෙන් සතියක් තුල මෙසීනා නගරයේ වාර්ථා වූ දෙවන මරණය මෙයයි.