මෙසිනා පල්ලියේ කළු දේවමැණියන්ගේ මංගල්‍යය….

0
969
thindari 1ඈත අතීතයේ දකුණු ඉතාලියේ සිසිලි දුපතේ තින්දරී නම් ග්‍රාමයෙහි ධීවරයන් මහා මුහුදේ මසුන් මරමින් සිටියදී මුහුදේ පාවෙන දෙයක් දැක තිබේ .ඔවුන් විසින් එය තම බෝට්ටුවට ගෙන සුද්ද පවිත්ත්‍ර කර බැලීමේදී කළුම කළු ජේසු සුවාමි දරුවන් තම ඔඩොක්කුවේ වාඩි කර ගත් දේව මෑණියන්ගේ ප්‍රතිමාවක්  බව අවබෝද කර ගනිමින් මහත් භක්තියකින් යුතුව ගොඩ ගෙන පුංචි පැලක් සාදවා එහි තබා වැද පුද සත්කාර කර තිබේ.මුහුදෙන් හමුවූ මේ විශේෂ කළු සුරුවම ගැන ආරංචිය සැල වූ අවට ගම් වැසියන් දුර බැහැර ගෙවා කදු තරණය කර මේ අපුරු සුරුවම බලන්නට වැල නොකැඩි ඇදී එන්නට විය පටන් ගෙන තිබේ.එම සුරුවම දැක ගත් එක ස්ත්‍රියක් පවසා ඇත්තේ අප දුර බැහැර ගෙවා දුක් ගැහැට විද ආවේ මේ කළු සුරුවම බලන්නට දැයි පවසා ඇත .එකනෙහිම තම ලග හිටි දරුවා ආගිය අතක් නොමැතිව විලාප දෙමින් සෙවුවත් සොයා ගැනීමට අපහසු වූ තැන කළු දේව අම්මාට  සිය දුක කියන්නට විය. තමා අතින් සිදුවූ වරදට සමා වී නැතිවූ දරුවා සොයා දෙන්න යයි කියා ඇය යදින්නට ඇත.
එසේ යදින  අතර තුර පල්ලිය පිහිටි ස්ථානයේ සිට අඩි 500 වඩා පහලින් මුහුදේ ස්ථානයක තම පුංචි දරුවා සෙල්ලම් කරමින් සිටින අයුරු දැක තිබේ
.අඩි පන්සියකට වඩා වැඩි ඉහල සිට පහල මුහුදට වැටුණු ළමයා සිටි ඒ පුංචි ස්ථානය පමණක් ගොඩ බිමක් වී ළමයා ආරක්ෂාකාරී ලෙස සොයාගෙන ඇත්තේ දේවමැනණියන්ගේ හාස්කම නිසා බැවින් එදා දවසේ පටන් වඩා භක්තියකින් යුතුව ඇයට  පුද සත්කාර කරමින් නව පල්ලියක් සදා සෑම වසරකම තින්දරී මෑණියන් නමින් මංගල්‍ය පවත් වන්නට ඒ ජනයා කටයුතු කර තිබේ. .
ළමයා වැටි හමු වූ ස්ථානය අදටත් ඉතා මනරම් ලෙස දර්සනීයව දිස්වේ .මුහුදු මට්ටමේ සිට අඩි පන්සියකටත් වඩා වැඩි ඉතාමත් උස කදු මුදුනක මේ පල්ලිය ඉදිවී තිබේ.ලොවේ නං දෙසින් එන විදේශිකයන් හා බැතිමතුන් තින්දරී මෑණියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට පැමිණේ . ඉතාලියේ සිසිලි දුපතේ රැකියා කරන ශ්‍රිලාංකිකයන් මහත් භක්තියකින් තින්දරී මෑණියන්ගේ පිහිට පතා වැද නමස්කාරය කරති .
මීට වසර 15 ක පමණ සිට මෙසිනා නගරයේ වාසය කරන ශ්‍රිලාංකිකයින්ට මංගල්‍ය පැවැත් වීමට මැයි මාසයේ 2 වන ඉරිදා ඉඩ ප්‍රස්තාව ලබාදී ඇත.මේසිනා නගරයෙන් පටන් ගත් ශ්‍රිලාංකිකයින් අදවන විට සිසිලි දුපතේ අනෙක් ප්‍රධාන නගරයන් වන කථානීයා සිරකුසා කල්තජිරෝණි යන නගරයන් වළ ජීවත්වන ශ්‍රිලාංකිකයින්ගේ සහභාගිත්වයෙන් මැයි මස දෙවන ඉරුදින මංගල්‍ය දිව්‍ය පුජාව පවත්වනු ලැබේ .
මෙවරද 10.05.2015.දින මහා ඉහලින් මංගල්ල දිව්‍ය පුජාව පවත්වනු ලැබුවේ ගරු  මැක්ෂ්වල් සිල්වා  බිෂොප් තුමාගේ සහභාගිත්වයෙනි .
තින්දරී මෑණියන්ගේ මංගල්‍ය පැවැත්වීම සදහා මෙවරත් ශ්‍රීලාංකිකයන් විශාල පිරිසක් සහභාගි විය.මංගල්‍ය දේව මෙහෙයෙන්  පසු සෑම ශ්‍රිලාංකිකයකුම එකම පියස්සකට එකතු වී සතුටෙන් විනෝද වී තම තමන් ජීවත් වන නගර කරා ආපසු නික්ම ගියේ ලබන වසරෙදි නැවත හමු වන පැතුමෙන් තින්දරී මෑණියන්ගේ පිහිට එකිනෙකාට පතාය.
අජන්ත මුතුකුඩ  (මෙසිනා- ඉතාලිය)