මේවැනි ඉදිකිරීම්ගැන වගවිභාගයක් නැද්ද?

0
59

20140703_144650newමේ ඡායාරෑපයෙන් දිස්වන්නේ කාමච්චෝඩයේ  පැරණි ව්‍යාපාරික ගොඩනැගිල්ලක් තිබු ස්ථානයකි. මීගමුව මහවිදිය දේවස්ථානය ඉදිරිපිට තිබූ එම ගොඩනැගිල්ල දැනට අවුරුදු කීපයකට පෙර කඩා දැමුණි. එම ස්ථානය සම්බන්ධයෙන් කතෝලික පල්ලියත් විදේශිකයෙකුත් අතර නඩුවක් පවතින බව ප්‍රෙද්ශවාසීන් පවසති. කෙසේ වුවත් ගොඩනැගිල්ල කඩා දැමූ පසු මෙම ස්ථානය  කිසියම් පුද්ගලයෙකු විසින් ටෙන්ඩරයට ගෙන වාහන නවතා තැබීම සඳහා  ඉඩ කුලියට දෙන ලදි. මේ වන විට මෙම ස්ථානයේ ගොඩනැගිල්ලක් ඉදිවෙමින් තිබේ. පාරේ සිට අඩි විසි ගණනක් පස්සට සෑදිය යුතු බවට ඇති කොන්දේසිය ද කඩමින් අඩියක් වත් පරතරය නොතබා තැනෙන මෙම ඉදිකිරීම කුමක් හෝ ව්‍යාපාරයක් වෙනුවෙන් විය හැක.  නමුත් මෙම ඉඩම සම්බන්ධව නීති මාර්ගයට ගොස් තිබේනම් මෙවැනි ඉදිකිරීමක් සඳහා අවසර දීම සම්බන්ධව බලය තිබෙන්නේ කාටදැයි පැහැදිලි නැත. මේවැනි ඉදිකිරීම් හා නීති රීති ගැන වගවිභාගයක් කරන්නට නගරයේ කිසිදු බලධාරියෙකු නොමැති ද?