මේ අනතුරුදායක වලක් මිස රොඩු ගොඩක් නොවේ.!

0
115

IMG-20190730-WA0039මීගමුව මහජන බැංකුව ඉදිරිපිට පදිකවේදිකාවේ කොන්ක්‍රීට් ලෑලි දමා සකස්කර ඇති තීරුවේ එක් ස්ථානයක කොලරොඩු දමා රෙදි කැබැල්ලක් එල්ලා ඇති අතර අනෙක් ස්ථානයෙහි තහඩු කිහිපයකින් ආවරණය කර ඇත . කොලරොඩු දැමු තැන ගැන හරි වැටහීමක් ⁣නොතිබුනහොත් කුමන අනතුරක් සිදුවේදැයි කිවනොහැක.
අප මේ ගැන විමසා බැලීමේදී පැහැදිලි වූයේ සෙලින්කෝ ආයතනයට අදාල ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් අවශ්‍ය ද්‍රව්‍ය රැගත් වාහනයක් මෙම ස්ථානයෙන් ගමන් කිරීමේදී මෙම අනතුර සිදුවී ඇති බවයි. මෙහි කොන්ත්‍රාත් කටයුතු සිදුකර ඇත්තේ නවලෝක සමූහය බව අවට සිටි පදික වෙළෙන්දෙකු අප සමඟ පැවසීය . නමුත් සති දෙකක් පමණ ගතවී ඇති නමුත් කිසිදු වගකිවයුතු ආයතනයකට හෝ පුද්ගලයෙකුට මෙම ස්ථානය පෙනුනු බවක් නොපෙනේ .ප්‍රධාන මාර්ගයක් වශයෙන් විශාල ජනතාවක් මෙම ස්ථානයෙන් එහා මෙහා
ගමන් කරන සහ රැස්වන බැවින් මේ සඳහා ක්ෂනික විසඳුමක් අවශ්‍ය වන බව කි⁣වයුතු නැත .
එමෙන්ම මෙසේ සති දෙකක් පමණ තිස්සේ මෙහි පිළිසකර කටයුතු සිදු නොවීම වගකීම් පැහැර හැරීමකි. මෙම වල වටා රැහැන් පටවල් කීපයක් හෝ ඇද තැබුවේ නම් මීට වඩා ආරක්ෂාවක් ලද හැකි නමුත් , දැනට මෙහි ඇත්තේ භයානක තත්වයකි.
.
ඒ නිසා මහජන ආරක්ෂාව සඳහා අදාල බලධාරීන් මේ පිළිබඳව ඉක්මන් පියවරක් ගතයුතුව ඇතැයි මතක්කර සිටිමු.