මේ පසුබිම මෙසේ ජනතාව හා වඩාත් සෘජු ලෙසින් කටයුතු කරන්නට සිදුව ඇති ආරක්ෂක අංශ .පොලිසිය ,ග්‍රාම නිළධාරින් .සමෘද්ධි නිලධාරින් ,සංවර්ධන නිලධාරින් මෙන්ම මහජන සෞඛ්‍ය පරික්ෂකයන්ගේද අවධානම වැඩිඅවධානයක් යොමුකර කටයුතු කරන්නට එදාටත් වඩා අද රජයට සිදුව තිබේ.
එහෙත් එවැනි ප්‍රධාන අවධානමක් රජය විසින් ගන්නා බවක් නොපෙනෙන බව මේ රාජ්‍ය නිළධාරින් විසින්ම කියන්නට පටන් ගෙනය.
රු 5000 දිමනාව හේතුකොට ගෙන පසුගිය කාලය තුල ග්‍රාමනිළධාරින් මෙන්ම සමෘද්ධි නිලධාරින්ද දැඩි අවධානමකින් කටයුතු කරන්නට සිදුව තිබුණි. එබැවින් මේ සියලු දෙනාගේ PCR පරික්ෂණ කඩිනමින් සිදුකළ හැක්කේ නම් එය වඩාත් වැදගත් වන්නේ යැයි ඔවුන් අවධාරණය කර සිටිති.
ග්‍රාම නිළධාරින් සහ සමෘද්ධි නිළධාරින් දළ වශයෙන් 20000 ක පමණ පිරිසක් ලංකාව තුල දැනට සේවයේ නියුතුව ඇත.