මේ කට මොකටද ???

0
118

දැවන්ත මෝරෙක් ඊයේ රාත්‍රියේ හලාවත මුතු පංතිය ධීවරයෙකුගේ දැලට හසුව ඇත.දිගින් අඩි 23 කු් වු මේ මෝරාගේ පළල අඩි 8 කි.බරික් කිලෝ 4000 ක් පමණ වේ යැයි ධීවරයන් පවසති.

චමින්ද තිසේරා නම් වු ධීවරයාගේ දැලට මේ මෝරා හසුවු අවස්ථාවේ ඔහු සිතා ඇත්තේ තමන්ගේ දැල ගලක පැටලෙන්නට ඇතැයි කියාය. එයට විශාල මාළුවෙක් හසුව බව දැනගත් වහාම ඒ අසල රැකියාවේ නිරතව සිටි අනෙකුත් බෝට්ටුද කැදවා ඉතා උපක්‍රමශිලි ලෙසින් ගොඩට ගෙන ඇත.මේ සදහා  ට්‍රැක්ටරයක් සහ මිනිසුන් 100 ක් පමණ සම්බන්ධව තිබු බව වාර්ථාවේ.

ගොඩට ගැනිමෙන් පසු  මෝරා කොටස් කිපයකට කපා  මීගමුව ට ගෙනවිත් මෝර තෙල්  සදහා අලෙවි කරන්නට කටයුතු යොදා ඇත.