මේ කව්ද ? මොනවද කරන්නේ ?

0
115

women protest 10කොච්චිකඩේ, දළුවකොටුව, ජනපද මාවතේ පදිංචි අවුරුදු 22ක් වයසැති එක් දරු මවක් උළුමෝල් හිමියෙකු විසින් බලහත්කාරයෙන් දූෂණයට ලක් කර ඇත. එම උළුමෝල් හිමිකරුගේ බිරිද නීතීඥවරියකි.
බලහත්කාරයට ලක් වූ කාන්තිව හා ඇගේ ස්වාමිපුරුෂයා විසින් මේ සම්බන්ධයෙන් කොච්චිකඩේ පොලිසියට පැමිණිල්ලක් කර ඇත. ඒ අනුව මේ වන විට පොලිසිය විසින් මහේත්ත්‍රාත් උසාවියේ මෙම නඩුව අප්‍රේල් මස විභාගයට ගැණින. එහිදී නීතීඥවරු 7 දෙනෙකෙු ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිටියි. එලෙසම උසාවියේ වැඩි නීතීඥරු පිරිසක් පෙනී සිටින්නේ එම ව්‍යාපාරිකයා වෙනුවෙනි.
මේ වන විට මෙම කාන්තාව බලහත්කාරයෙන් දූෂණයට ලක් වී ඇති බව අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් සහ ඩී.එන් .ඒ වාර්තාවලින් ඔප්පු වී ඇත.
මේ සියලු කාරණා එසේ වුවද මේ වන විට මීගමුව උසාවියේ නීතීඥවරු වැඩි පිරිසක් පෙනී සිටින්නේ මේ ව්‍යාපාරිකයා ආරක්ෂා කිරීමට ය.
නීතීඥවරයෙක් හා පොලිසිය පැමිණ විරෝධතාවය දැක්වූවන්ගේ ඡායාරූප ගන්නා අයුරු දක්නට ලැබිණි. ඔවුන්ගේ ප්‍රශ්නය නිහඩ
විරෝධතාවය දක්වන්නන් කවුද යන්නය.
ඡායා-සහ සටහන -ලාල් ලක්ෂ්මන්