මේ කාර් පාක් එක කාගේද..??

0
263

P1180158P1180159Negombo-News මීගමුවේ නත්තල් තදබදය දැන් වැඩිවෙමින් තිබේ. නගරයේ  සියළු මාවත් ජනතාවගෙන් පිරි යමින් පවති.මීගමුව යනු බස්නාහිර පළාතේ අද වේගයෙන්ම දියුණුවට පත් වෙමින් ඇති සහ ඒ විභවය වැඩියෙන්ම ඇති නගරයයි.

එහෙත් ගැටළු වන්නේ  මේ දියණුව දරා සිටින්නට තරම් වන පරිවාර සේවා පහසුකම් පද්ධතියක් ඉදිව නොතිබිමයි. මෙු අතර එක් ප්‍රධාන කරුණක් වන්නේ මීගමුවට ගැලපෙන රථ වාහන සැලැස්මක් සහ එහි මුලිකම අංගයක් රථ ගාලයක් මීගමුවට නොමැති විමයි.

මේ අතර මේ දිනවල නගරයේ යනෙන සැමට දැකගත හැකිවන්නේ කැල්ටන් එක පිටපසු ව තැබෑරුම් වත්ත මේ දිනවල ක්ෂණික රථගාලක් බවට පත්ව ඇති ආකාරයයි.

එහෙත් ගැටළුව වන්නේ මේ රථ ගාල කාගේද යන්නයි.

සමාන්‍යයෙන් නගර සභාවට අයත් මේ භූමිය එක්කෝ නගර සභාවේන් රථගාලක් ලෙස පවත්වාගෙන යා යුතුය.නැතිනම් එය විධිමත් ටෙන්ඩර් පටිපාටියක් හරහා කිසියම් පිරිසක් වෙත බදු දිය යුතුව තිබේ.

වැඩබලන විපක්ෂ නායක සහ මුදල් කාරක සභාවේ නියෝජිත කැලිසන් ජයකොඩ් මහතා ගෙන් අප මේ පිළිබදව විමසා සිටි අවස්ථාවේ ඔහු පවසා සිටියේ තමන් මේ ගැන දැන ගත්තේ ඊයේ ගිහාන් නාගරික මන්ත්‍රිතුමා සමගින් නගරට පැමිණි අවස්ථාවේ දි බවය.මේ  රථ ගාල කිසිදු ටෙන්ඩර් පටිපාටියක් යටතේ සිදුනොවුන එකක් බවද වැඩිදුරටත් පවසා සිටිෙය්ය.P1180159

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here