මේ අතර සිදුවිමෙන් පසු පැවැති ඇතැම් වර්ධනයන් පිළිබදව වඩාත් සමිපව නිරික්ෂණය කර බැලිමේදි හෙළිදරව් වන එක් කරුණක් වි ඇත්තේ මේ කුඩු සැපයුමට කවර නම් හෝ දේශපාලන අධිකාරියක සබදතාවයක් අැතිදැයි යන සැකයක් දැන් ඉස්මතුව තිබිමය.
මේ කුඩු තොගය ඇල්ලිමත් සමගින් පසු සිදුවෙමින් ඇති ඇතැම් දැ වලට අදාලව මේ සැකය සාධාරණ එකක්ය යන අදහසද දැන් ඉස්මත්තට පැමිණෙමින් තිබේ.
කෙසේ වෙතත් කාර්දිනල් හිමියන් විසින් මිගමුවේ කුඩු ජාවාරම කුඩු පට්ටම් කරනවා යැයි සපථකර තිබුනේ පසුගිය පෙබරවාරි 25 වෙනිදාය. ඒ රටේම කථාබහට ලක්වු මිගමුවේ දේශපාලන අධිකාරියේ ඇතැම් නියෝජිතයන්ද ඉදිරිපිට තබාගෙනය.
කාර්දිනල් හිමියන්ගේ මිලඟ පිම්ම කුමක්දැයි දැන් භක්තිවත් කිතුණුවා කෙසේ වෙතත් සමාජ ඇසක් ඇති කිතුණුවෝ විමසා සිටිති.
ඡායා -පියපේම මානික්කරත්න