( 3.00 pm ) මීගමුව නගර මධ්‍යයේ පිහිටි ලාෆ් සුපරි වෙළඳසැල අසල ලහි ලහියේ ඉදිවන ගොඩනැගිල්ලක් පිළිබඳව පසුගිය කාලය තුල තැනින් තැන විශේෂ කතාබහක් ඇති වී තිබුණි. වාර්තා වන පරිදි මහා නගර සභාවකට අයත් නගරයක ප්‍රධාන මාර්ගයකට මුහුණලා ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී සැලකිලිමත් විය යුතු ප්‍රධාන නිර්ණායක පිළිබඳව සැලකිලිමත් නොවී, අනීතිකව මෙම ගොඩනැගිල්ල ඉදිකරන බව නගරයේ බොහෝ දෙනකුගේ අදහස වි තිබුණි.
කෙසේ වෙතත් වැඩිදුරටත් වාර්තා වූ පරිදි මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේදී මීගමුව මහා නගර සභාවේ නාගරික සැලසුම් නිලධාරිනියගේ අනුමැතිය පවා ලැබී නොතිබුන පසුබිමක හිටපු නාගරික කොමසාරිස්වරයා වන ලක්ෂ්මන් නැමැත්තා මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා අනීතිකව අනුමැතිය ද ලබා දී ඇති බවය.
. එලෙසම ගොඩනැගිල්ලේ එක් පසක් දිනපතා පොළ පිහිටි පැරණි සුපර් මාර්කට් එක පිහිටි පැත්තට වන්නට එම ගොඩනැගිල්ලේ වහලයක්ද ඉදිකිරීම සම්පූර්ණ නීති විරෝධී වුවද ඒ් සම්බන්ධයෙන් පවා කිසිදු පියරවක් ගෙන ඇති බවක්ද නොපෙනේ .