මේ නෝම්බි කාලේ අපට සැනසිමෙන් ආගම අදහගන්න අපේ අය නිදහස් කරන්න.

0
190

2මීගමුවේ අහමදියා පල්ලියට අද සවස් යාමයේ මීගමුවේ මාධ්‍යවේදින් පිරිසක් ගියේ නෝම්බි අල්ලමින් සිටි පාකිස්ථාන සරණාගතයන් හමුවනු පිණිසය.
කැමරා ආම්පන්න සහිතව සිටි අපව දුටු මීගමුවේ මුස්ලිම් අයෙකු අපගෙන් ඉල්ලා සිටියේ
”අපේ මුස්ලිම් අය 100 කට වැඩි දෙනෙක් ව අත්අඩංගුවට අරන් බුස්සේ රදවලා තියාගෙන දැන් මාසයක් වෙනවා.මේ අපේ නෝම්බි දවස් . ඒ අයට බුස්සේ ඉදන් නෝම්බි අල්ලන්න බැ. ලොකු හිරිහැර විදිනවා.අනික ඒ අය UNHCR එකේ අවසරය මත ඉන්න කට්ටියක් .කුඩු කාරයොවත් ත්‍රස්තවාදියෝවත් නෙමේ…”.
පාපැදියක නැගි සිටි ඔහු කථා කළේ මහත් වේදනාවකිනි.
පකිස්තානු රජය විසින් 1974 දි විශේෂ පණතකින්ද ඉන් අනතුරුව 1984 දි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටම කළ සංශෝධනයක් ලෙසින්ද සිදුකර ඇති අතිශය අත්තවාදි සහ ආගම් විරෝධි නිති රෙගුලාසි මත තවත් මුස්ලිම් ආගමික නිකායක් වු අහමදියා භක්තියක් මුස්ලිම් ආගම අදහන්නන් බව පිළි නොගනිති.
මේ නිසාම අහමදියා වරුන් හට සලාමලෙකුම් යැයි කියන්නට නිතියෙන්ම ඇති ඉඩ අහුරා ඇත.මෙයට අමතරව සිය ආගමික විශ්වාසයන් ඉතා නින්දිත ලෙසින් ගරහන්නට සුන්නි මුස්ලිම් බහුතරයක් වෙත ව්‍යවස්ථාවෙන්ම ඉඩ සලසා දෙමින් ක්‍රියාත්මක වෙමින් ඇති ආගමික අන්තවාදය හේතුවෙන් අහමදියාවරුන් හට දිවි බේරාගෙන රටින් පිටුවහල් වෙන්නට සිදුව ඇත.
මේ අනුව 1400 කට ආසන්න පාකිස්ථානු සරණාගතයන් පිරිසක් නිත්‍යානුකුල විසා මත පැමිණ පසුව එක්සත් ජාතින්ගේ සංවිධානයේ සරණාගතයන් පිළිබද මහා මණ්ඩලයේ අවසරය මත මීගමුවේ රැදි සිටිති.
පසුගිය යුද සමයේදි පවා සාමකාමි නගරයක් ලෙසින් සැලකු මීගමුව බොහෝ දමිලයන්ගේද ආරක්ෂාව සැලැසු නගරයක් විය.
එහෙත් මේ සරණාගතයන් තුල මීගමුව සම්බන්ධයෙන් පැවති ආරක්ෂිත හැගිම් සියල්ල සුණු විසුනුව යන්නේ 2014 ජුනි 09 වනදා හදිස්සියෙන් මීගමුවේ දළුපත සහ අනෙකුත් ප්‍රදේශවල සැරිසරමින් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරින් පිරිසක් විසින් මේ සරණගාතයන් 140 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන  බස්රථ වල පුරවාගෙන මුලින්ම ගුවන්තොටුපලටත් පසුව බුස්ස රැදවුම් කදවුරුටත් රැගෙන ගොස් තිබේ.
විශේෂයෙන්ම නෝම්බි අල්ලමින් ආගමිකවතාවත් හි යෙදෙන මේ මුස්ලිම් භක්තියන් නොදන්නා රටක කාගෙවත් හව්හරණයක් නැතිව නිසි ආහාර පාන පවා නොලබාම දුකින් කල් යවති.
එක්සත් ජාතින්ගේ සංවිධානයේ සරණාගතයන් පිළිදව මහා මණ්ඩලය විසින් නිත්‍යාණුකුල ලෙසින් සරණගතභාවය ලබාදුන් 23 හැවිරිදි තරුණයෙකුවද මීගමුව පෙරියමුල්ලේදි පසුගිය ජුනි 10 වෙනිදා අත්අඩංගුවට ගෙන තිබුනේ සිය නිත්‍යාණුකුල ලියවිලි සියල්ල පෙන්වා සිටියදිය.
මෙහිදි හෙළි වු අනෙක් කරුණ වුයේ මෙසේ අත්අඩංගුවට ගනු ලැබු කිසිදු අයෙක් ගැන සොයා බැලිමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සරණාගතයන් පිළිබද මහා මණ්ඩලයට කිසිදු අවසරක් මේ සටහන තැබෙන  මොහොත දක්වාව රජය විසින් ලබා දි නොතිබිමයි.
මෙය ඇත්තටම භායනක තත්වයකි.පැහැදිලි ලෙසම එක්සත් ජාතින්ගේ ප්‍රඥාප්තින්ට එරෙහිව යාමකි.
ඒ රාජපක්ෂවරුන්ගේ රාජ්‍යත්‍රාන්ත්‍රික දුප්පත්කමේ සිමාවයි.