මේ පැල්පත බුල්ඩෝසර් කරන්න වෙරළ සංරක්ෂණේට තියෙන හදිස්සියක් ..

0
900
සුජිත්ලා කලපුව අසල ඉදිකරගත් තාවකාලික පැල්ප

මිගමුවේ කප්පරක් අනවසර ඉදිරිකිරිම් තියෙද්දි මිගමුවේ වෙරළ සංරක්ෂණේ ලොක්කන්ට මෙන්ම සුචරිතාවාදි සළු පොරාවාගෙන දූවේ ගමේ ඉන්න සම- හරක් ජුදාස්ලට තියෙන ලොකුම හදිස්සිය තමයි මේ දරු පවුල අටවගෙන ඉන්න මේ පැල්පත කඩල දාන එක.

IMG 20210109 160248


වර්ග අඩි 100 ක් වත් නැති පරණ ටකරන් අටවල හදල තියෙන මේ කුඩාරමට මේ දරුපවුලට එන්න වුනේ නිකම් නෙමේ .
රට පාලනය කරපු මේ ආණ්ඩු එකතුවෙලා හදපු පෝට් සිටිය හින්ද මිගමු දූවේ මෝරවල එහෙම පිටින්ම දරුණු මුහුදු ඛාදනයකට ලක්වෙලා මේ දරු පවුල හිටපු ගේත් විනාශ වෙලා යනවා.

1 1


පෝට් සිටියට විරුද්ධව උද්ඝෝෂණය කරපු නොරකපු ධිවර සංවිධානවලට කෝටි ගණන් වලින් සල්ලි ලැබෙනවා.
ඒ උද්ඝොෂ්ණ වලට චරිත බවට පත්වෙන්න හදපු පල්ලියේ ඇතැම් පියතුමන්ලාත් ඇතැම් නායකයෝත ෆෝට් සිටි අරගලයේ තිරාණාත්මක තැන්වලද ඒක අතහැරලා දානවා.

port city protesters 2
oil protest 3
2


හැබැයි එයාලට පාඩුවක් උනේ නම් නැ. මේ අරගලයේ නායකයෝ හිටපු වැල්ලවිදිය ඒකාබද්ධ ධිවර සංවිධානට ලක්ෂ 400 කට වැඩි ගතමනාවක් ලැබෙනවා. ඒ විතරක්ද කතෝලික පල්ලියට ලොකු කුට්ටියක් . එකෙන් සුපිරියට පල්ලි ප්‍රතිසංස්කරණ කටයුතු සිද්ධවෙනවා.
මේ පට්ට ඇත්ත .
මේ සේරම මෙහෙම වෙද්දි වෙරළ ඛාදනය හින්ද වෙරළ සංරක්ෂනේ ලොක්කන්ගේ මගපෙන්විම යටතේ අවදානම් තත්වයක තියෙන මෝරවලේ ගෙදරින් අයින් වෙන සුජිත්ලාට බළධාරින් කියන්නේ ඉන්න තැනක් දෙනවා කියල.

1


මේ අයට යනඑන මං නැතිවුනාව මේ තියෙන කුඩාරම එයාලට අටවගන්නේ දූවේ ග්‍රාම නිළධාරි කාර්යාලය සමිපයේය.


ඒකැ හැබැයි ඇස්වලට කටු අනිනව වගේ දැනනු ජුදාස්ල පිරිසක් මේ කුඩා පැල කඩල දාන තැනට වෙරළ සංරක්ෂණේ ලොක්කන්වත් යොමු කරනවා.
දේශපාලන බලපුලවන් කාරකම්වලින් වගේ සල්ලි භාගේ එහෙට මෙහෙට විසිකරල අනවසර ඉදිකිරිම් රැකගන්න කොට වෙරළ සංරක්ෂණේ මහත්තුරු උසාවියේ නඩු දාල මේ පවුලට අයින් කරන්න ලගදි ඩොසරයක් අරන් ආවලු.
ලැජ්ජයි.

IMG 20210109 160021

අධිකරණයට නියෝග දෙන්න වෙන්නේ වෙරළ සංරක්ෂණේ නඩු දාපු නිසානේ අපි දැන් බලන් ඉන්නේ මේ පැල කඩන්න ඩෝසර් අරන් එන ලොක්කේ මිගමුවේ තියෙන අනික් තැන්වලටත් මේ පැලට වගේම නඩු දාලද කියල බලන්න.
අපි ඒවා දිගටම හෙලි කරනවා .ඒ ගේම් ඩිල්වලට සල්ලි අරගත්තු ලොක්කෝ බක්කෝ ඉන්නව නම් නම් පිටින්ම හෙළිකරනවා
මේ මාසේ 21 වෙනිදා වෙනකොට ආයෙත් මේ පැල්පත කඩන්න බුස්ඩොසරය දූව ගමට එනවා.
අපිත් එනවා …

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here