මේ ඵලකය කොමිස් ගන්න මිගමුවේ ගහපු තවත් ගේමක්ද ?

0
221

මීගමුව මහනගර සභාවේ නාගරිකක කොමසාරිස්වරිය , ඉජිනේරුවරයා සහ කුප්‍රකට තාක්ෂණික නිළධාරියා ඇතුලු පිරිස පසුගිය බ්‍රහස්පතින්දා(03) ඇද හැලුන මහවැසිද නොතකා හරියටම පෙ.ව 7.29 ට කාමච්චෝඩේ කඩා දමා ඇති ඩඩ්ලි සේනානායක මාර්කට් එක තිබුන පිට්ටනියට ආවා .
එකේ හිටපු වෙළෙන්දන්ට මේක හදල දෙනවා කියල කඩල දැන් අවුරුදු 2 ක් වෙනවා. ඇත්තටම එදා මේක කඩල තිබුනේ හදන්න සල්ලි ලැබෙන වැඩපිළිවෙලක් ගැන ස්ථිරත්වයකුත් නැතිව තියෙද්දි .
කොහොම හරි දේශිය ණය බැංකුවකින් ණයක් ගන්න මිගමු මහනගර සභා නිලධාරින් ටික ඇස්තමේන්තු හදල ණය ඉල්ලුම් කළත් ඒ කරල තිබුන විදිය අනුව ණය වැඩේ අවුල් වුනා.
එදා හැටියට ඩඩ්ලි සේනානායක වෙළද සංකිර්ණය හදන්න රු කෝටි 24 ක් යනව කියල තමයි ඇස්තමේන්තු කරල තිබුනේ.
නමුත් වැඩේ අවුල් වෙලා දැන් අවුරුදු 2 කකුත් ගියානේ .
දැන් එදා 24 කින් කරන්න ගිය වැඩේට දැන් රුපියල් කෝටි 40 ක් යනවලු.
කොහොමද මේ මෝඩ රාජාලගෙ වැඩ??
මෙහෙම තියෙන කොට දැන් කඩිමුඩියේ මේ සංචරණ නිති අස්සේම ඇවිත් නාගරික කොමසාරිස් ඇතුලු පිරිස පලකයක් විවෘත කරනනවා කියල මොකද්දෝ පිස්සුවක් කරල තිබුණ .
ඵලයකයක් කිව්වට තාප්පෙට හයිකරපු මොකක්දෝ ලැල්ලක්.එකේ නම් කිපයක් විතරක් පේන්න තියෙනවා . ඉතුරු ටික කොළ අලවල වහල ..
නගරාධිපති කලින් එන්නේ නැ කියල කොමසාරිස් නෝනට තමයි වැඩේ භාර දිල තිබුනේ .
ඇත්තටම මොකද්ද ඵලයක් විවෘත කරන්න තිබුන කලබල මගඩිය .
නගර සභාවට තව තියෙන කාලය මාස 6 ක් විතරයි වගේ .
ඒ අස්සේ කෝටි ගාණක ණයක් ගන්න දගලන්නේ ඇයි ? ඇත්තටම වෙළෙන්දන්ට වෙළද සංකිර්ණයක් හදන්නද ?
නෑ.
මේ ණය මුදලේ පළවෙනි වාරිකය ගන්න නම් ඵලක විවෘත කරලා මුල්ගල් කථා කියල අන්දවන්න ඕන. ඊට පස්සේ කොළඹ කොන්ත්‍රාත්කාරයගෙන් නගරාධිපති ඇතුලු පිරිසට ලැබෙන කොමිස්එක නිදහස් කරගන්න පුලුවන් වෙනවා .
මේ කඩිමුඩියේ නටපු නාඩගමේ ඇත්ත ඒක වෙන්න බැරිද කියල අපට කිව්වෙත් මිගමුවේ මහනගරසභාවේ ජේෂ්ඨ මන්ත්‍රිවරයෙක්.
අපි හිතන්නෙත් එහෙම තමයි .
ඇයි දෙයියනේ මේ සංචරණ සිමා අස්සේ මේ වගේ කලබල ඵලක කියල රටම අන්දවන මෝඩ කෑලි දාන්න මේ නගාරික කොමසාරිස්ලා ඉඩ දෙන්නේ .
එතකොට තමයි එයාලට තියන්නේ තුන්වෙනි පංතියේ සුදුසුකම් කියල යළි යළිත් ඔප්පු වෙන්නේ ..
අනික විලි ලැජ්ජ නැති වැඩේ කියන්නේ මේ ගොන් ඵලකය අල්ලල තියෙන බිත්තියට එහා මායිමේ තියෙන් මහජන මුදල් කෝටි ගාණක් වැය කරල තාමත් විවෘත කරගන්නවත බැරිවුන නිමල් ලංසා හදපු කාමච්චෝඩේ නාගරික වෙළද පොල .
අයියගේ සුදු අලිය පැත්තිකින් ඉන්න කොට මල්ලි දැන් තවත් ගේමකට බැහැල.
මේ කෝටිගණන් ණයවලට ගෙවන්න වෙන්නේ මිගමුවේ මහජන බදු මුදල් නේද ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here