”මේ මනාප ක්‍රමය නිසා ආසනයට වැඩක් නැති දූෂණ වලට සම්බන්ධ පුද්ගලයින් රිංගනවා”

0
105

DSC_0024
යාපනය පුන්කුඩුතිව් මහ විද්‍යලයේ ඉගනුම ලැබූ 18 හැවිරිදි සිසුවිය සමුහ දූෂණයට ලක් කර මරාදැමීමේ  සිදූවිම හා සමස්ථ කාන්තා හිංසනයන්ට එරෙහිව සාමකාමි උද්ඝෝෂණනයක් ඉකුත් 23 දින සීදූව මංසන්දියේදී පැවැත් වුවාය.
කටාන ආසන ශ්‍රී.ල.නි  පක්ෂ සංවිධායිකා උසස් අධ්‍යපන සහ පර්යේෂණ නියෝජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දූ පුල්ලේ මැතිනිය ඇතුළු කාන්නා සංවිධාන කීපයක් ඇතුළු කාන්තාවන් පිරිසක් මෙම උද්ඝෝෂණය සහභාගි වි සිටියහ.
එහිදී වෛද්‍ය සුදර්ශණි ප්‍රනාන්දූ පුල්ලේ නියොජ්‍ය අමාත්‍යය වරිය මාධ්‍ය වෙත  ප්‍රකාශ කර සිටියේ ” යාපනයේ සිවලෝගනාදන් විද්‍යා නැමති පාසල් ශිෂ්‍යයාව දකුණේ වික්ටොරියා නම් සුදූ ජාතික විදේශ කාන්තාව කහවත්ත කොටකෙත අමානුෂික කාන්තා ඝතන රැල්ල පමණක් නොව සමස්ත කාන්තාවන්ට වන අමානූෂික හිංසාකාරි සිදූවිම් වලට අපි එදත් විරුද්ධ  උනා නැගී සිටියා අද විතරක් නොවෙයි හෙටත් එවැනි දෙයක් සිදූ උනොත් කාන්තාවන්  හැටියට අපි නැගී සිටිනවා”
නියොජ්‍යය ඇමතිවරිය තවදූරටත් ප්‍රකාශ කර
සිටියේ සමහරු හිතනවා  ඇති මම ඇමතිකම් අරගෙන එජාපය  සමග එකතු වෙලා කියලා නැහැ. මම එදත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයේ  අදත්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ පක්ෂයේ සභාපති තමයි  වත්මන් ජනාධීපති තුමා  මම මේ  ඇමතිකම භාර ගත්තේ ඉදිරිපත් කරන්න ඇති ව්‍යවස්ථා සංශෝධන ටික සම්මත කරගන්න මිසක් වෙන ලාභ ප්‍රයොජන ලබා ගන්න නොවෙයි.
මම ඇමති වැඩුපවත් අර ගෙන නැහැ.  19 වෙනි සංශෝධනය සම්මත කර ගත්තා    දැන් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගන්න තියෙන්නේ.
ඒකේ තියෙන්නේ මනාප ක්‍රමය නැති කිරිම පිලිබදවයි මෙම මනාප ක්‍රමය නැති කරගන්න අවශ්‍යයි. මේ මනාප ක්‍රමය නිසා ආසනයට වැඩක් නැති දූෂණවලට සම්බන්ධ පුද්ගලයින් රිංගනවා. මේවා වෙනස් කරන්න ඕනා. ආසනයට වැඩක් කරන්න හැකි කෙනෙක් පත් කරගන්න ජනතාවට ඉඩ සැලැස්විය යුතුයි.
මෙම පනත් ටික සම්මත කරගත් දිනට පසු දින උනත් මම මේ ඇමති කමින් ඉල්ලා
අස් වෙන්න සුදානම්.  එපමණක් නොව අගමැති තුමාට විරුද්ධව ගේන්න යන විස්වාස භංග  යෝජනාවට මුලින්ම අත්සන් කළෙත් මමයි.

ප්‍රියපේම මානික්ක රත්න