මේ මාවත් ගොඩනැගෙන්නේ කවදාද ?

0
116

මේ ජායාරෑප වලින් දිස්වන්නේ වෙන්නප්පුව ප්‍රාෙද්ශීය සභාව අසලින් ආරම්භ වන හෙලන්
මාවත සහ ඊට විරුද්ධ පසින් ඇති මාවතයි. මෙම මාවත් වල  පසුගිය කාලයේම තැන් තැන්
අබලන්ව පැවති අතර පසුගිය දිනවල පැවති වර්ෂාව නිසා තවත් ජරාජිර්නව මගීන්ව මහත්
අපහසුතාවයට පත්වී ඇත. පයින් ගමන්ගන්නා ප්‍රෙද්ශවාසීන් මේ මාවත් වලින් ගමන්
ගන්නේ මඩ සහිත පාරවල් පසුකරන්නේ සපත්තු ගලවාගෙන, ඇදුම් වල මඩ නාගෙනය. සමහරුන් දරුවන් වඩාගෙන පාර අයිනෙන් යනවිට  පාර මැද්දෙන් පැමිණෙන වාහන වලින් විසිවෙන වතුර පාරවල් ද නාගනිමින් පයින් ගමන් කරති. ඉතාම දියුණු රටක් වල ඉතාලිය වැනි රටක සේවය කරන සහ එම රටේ පුරවැසිභාවයද දරන බොහෝ පුද්ගලයන් මේ මාවත් දෙපස ජීවත් වෙති.  නමුත්  තමන්ගේ නිවසට යන මාවත  පිළිසකර කර ගැනිමේ අවශ්‍යතාවය මේ කිසිදු පදිංචිකරුවෙකුටවත් තිබෙනවාදැයි ගැටළුවකි.




ඡායා –  S. fernando