මේ ලසන්තගේ කථාවයි.

0
114

P1080984 newලසන්නත නිදහස් වෙළද කලාපයේ ස්මාර්ට් ෂර්ට්ස් ආයතනය වෙනුවෙන් තිස් වසක්
දහදිය වැගුරූ කම්කරුවෙකි.
ඔහු කටර්වරයෙකු ලෙසින් එහි සේවය කලේය.
ඒ පසුගිය මැයි 30 වනදා තෙක්ය.

වසර ගණනක් පාලකයන්ට කඹුරා
දහදුක් විද කුස රවටාලන්නට පමණක්
අහර බුදි ඒ අසරණුන්ගේ
එකම වත්කම සහ ඉතුරුව වු
අර්ථසාධකයට කෙළින්නට වු ආණ්ඩුවේ සැරසුම
පරදා ලන්නට විදි බට තිරාණාත්මක දිනය එය විය.

කම්කරුවන්ගේ ඇවිලෙන විරෝධයට
පිදුරු ලූ මීගමුවේ සහ අවට තකතීරු දේශපාලකයන්
යක්ෂ වෙස්ගත් මිනිස් භාග එදිනට ආරක්ෂාව සදහා යැයි කියමින් කැදවා තිබුණි.

ඒ යකුන්ගේ පොලූ පාරකට ලක්වු ලසන්න සිහිමද ගතියෙන් බිම ඇද වැටුනි.
වැටනු ලසන්තට ඊළගට එල්ල වුයේ යකඩ පොලූ පහරකි.
ඔහුගේ එක් පාදයක දනහිසින් පහල කොටසේ ඇට බිදි ගොස් දරාගත නොහැකි වේදනාවකින් කෙදිරි ගසමින් සිටියදිත් ඔහු පහර කෑමට දිගටම ලක්වුනි.
ඔහුගේ මිතුරන් පිරිසක් විසින් ඔහු ඔසවා ගෙන යන අතරේත් ඔහුගේ පිට හරහා සපත්තු පාරක් එල්ල කරන්නට තරම් එදා පොලිස් කාරයන් තිරිසනුන් වි සිටියහ.

බිදුනු පාදයේ වේදනාවෙන් ඔහු කෙදිරිගාද්දිත් රෝහල වෙත කඩිනමින් ගෙනයාමට කටයුතු කරනු වෙනුවට ඔහුව රැුගෙන ගොස් තිබුනේ පොලසිය වෙතය.
රෝහලට යැවුනේ තවත් ප‍්‍රමාද විය.

එදිනම මීගමුව රෝහලෙන් ගල් බැන්ඬේජ් එකක් දැමුණි.
දැන් කකුල එහා මෙහා සොලවනු නොහැක.
උදව්වට තම  දහසය වියැති පාසැල් යන දියණිය පමණක් සිටින කුලි නිවසේ
ඇද මතට වි සැප්තැම්බර් 01 වෙනිදා තෙක් සිටින්නට දැන් ඔහුට සිදුව ඇත.

ඔහු තිස් වසක් සේවය කළ ආයතනයෙන් කිසිත් ඔහුට නොලැබේ.
වැටුප් නැති ,තනිකම පමණක් ඇති, දියණියගේ වාරුවෙන් ආමාරුවෙන් හේ ජිවිතය ගැටගසා ගන්නට පොරබදමින් සිටි.