මේ වසරේ ඩෙංගු රෝගින් 69,231ක් ! වැඩිම රෝගින් කොළඹින් !

0
293

2023 වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 69,000 සීමාව ඉක්මවා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසන ඩේලිමිරර් වෙබ්  අඩවිය වාර්තා කර තිබේ

නොවැම්බර් 04 වන විට, 2023 සඳහා මුළු රෝගීන් 69,231 ක් වාර්තා වී ඇති අතර, වැඩිම රෝගීන් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එය 14,634 ක් වන බව  එම පුවතේ වැඩිදුරටත් සදහන්ය

බස්නාහිර පළාතෙන් රෝගීන් 33,139 ක් වාර්තා වී ඇති අතර එය පළාත අනුව වැඩිම රෝගීන් වේ. ඔක්තෝබර් මාසයේදී ඩෙංගු රෝගීන් 4,010ක් වාර්තා වී ඇති අතර නොවැම්බර් මාසයේදී එය 738ක් දක්වා ඉහළ ගොස් ඇති අතර , පසුගිය දින හත තුළ ඩෙංගු ආසාදිතයන් 1,453ක් වාර්තා වී තිබේ. 2023 වසරේ මේ දක්වා මරණ 39ක් වාර්තා වී ඇත.

මෙම සන්දර්භය තුළ ඩෙංගු රෝගයෙන් මිදීම සඳහා තම අවට පරිසරය පිරිසිදුව තබාගෙන මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.