මේ වසරේ මත්පැන් තහනම් වන දින 19ක්..

0
403

මේ වසරේ පෝය දිනයන් ඇතුළු වෙනත් විශේෂිත නිවාඩු දිනයන් 19කදී මත්පැන් විකිණීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මෙහිදී සියළුම වර්ගයේ මත්පැන් වෙලදාම සම්පූර්ණයෙන්ම තහනම් වනු ඇති.

සියළුම පෝය දිනයන් වලට අමතරව නිදහස් දිනය, සිංහප හා හින්දු අලුත් අවුරුදු දින හා ඊට පසු දින,වෙසක් දිනට පසු දින,රාමසාන් දිනය,ලෝක මත්ද්‍රව්‍ය නිවාරණ දිනය හා නත්තල් දිනයේදී මෙලෙස මත්පැන් විකිණීම තහනම් වනු ඇති. දිවයින් පුරා සියළුම වයින් ස්ටෝර්ස්, තැබෑරුම්, අවන්හල්, හෝටල් වැනි සියළුම මත්පැන් වෙලදාම් කරන ස්ථාන වෙත මේ නියෝගය බලපැවැත්වේ. එලෙසම රජය විසින් සිදුකරන සුළු දැනුම් දීමකින් පවා වසරේ වෙනත් විශේෂ දිනයන් හිදීද මෙ තහනම් ක්‍රියාත්මක කිරීමට බලතල ඇතැයිද මේ නිවේදනයේ සදහන් වේ.a452b7a5-5791-4ded-8c99-19c47192a187-large16x9_Liquor_Logowww.dailymirror.lk ඇසුරිණි.