මේ සතිය තුල පමණක් මිගමුවෙන් කොරෝනා ආසාදිත රෝගීන් 54 ක් !

0
76

Corona-poci-web-825x412( 9.00 pm ) මීගමුව තුල කොරෝනා ආසාදිත රෝගින් වාර්තා විම ඇරඹි තිබුනේ පසුගිය ඔක්තෝබර් 06 වෙනිදායින් පමණ පසුවය.පළමු ආසාදිතයන් පිරිස තලාහේන පේරුව ප්‍රදේශයෙන් වාර්තා වි තිබුනේ බ්‍රැන්ඩික්ස් හා නෙස්ට් යන කම්කහල් වලට සමබන්ධ අයවලුන් ලෙසිනි.
ඉන්පසුව ඔක්තෝබර් 20 වෙනිදායින් පසුව පෑලියගොඩ මාළු වෙළද පළ කේන්ද්‍රකොට ගනිමින් ආසාදිතයන් හමුවිම ඇරඹිනි.
ඒ අනුව මිගමුවට වැඩියෙන් බලපා තිබුනේ පෑලියගොඩ පොකුරය.
මේ අනුව මේ සතිය තුල පමණක් මීගමුව මහජන සෞඛ්‍ය පරික්ෂක කොට්ටාශයෙන් වාර්තා වු කොරෝනා ආසාදිත රෝගින් ගණන 54 කි.
මේ සතියේ එක් දිනයකදි ආසාදිතයන් 22 ක් වාර්තා වි තිබුණ දිනයක්ද විය.
මේ පිරිස වැඩිවශයෙන්ම වාර්තා වි තිබුනේ තලාහේන,සෙත්තප්පාපාඩුව, දූව.වැල්ලවිදිය,සහ කුඩාපාඩුව ,බෝස්කොපුරය යන ප්‍රදේශ වලිනි.
මතුව ඇති මේ අර්බුදය තුල දැනටමත් රෝගින් වාර්තා වෙමින් ඇති තලාහේන පේරුව ප්‍රදේශයේ හුදකලා නිතිය ඉවත් කිරිම සැබැවින්ම අවදානම් තත්වයක් මේ වන විට නිර්මාණය කොට තිබේ.
ඒ මන්දයත් මෙසේ ආසාදිතයන් ලෙසින් හදුනාගත් ඇතැමුන් ඊට පෙර විශාල වශයෙන් විවිධ තරාතිරම්වල ජනකොටස් සමිප ලෙසින් ඇසුර කොට තිබිම නිසාය.මේ තත්වය ගැන අදාල බලධාරින් වඩාත් වැඩි අවධානයක් යොමුකළ යුතුව තිබේ