මේ හරක් කාගෙද ?

0
350

DSC_0248 DSC_0247 DSC_0245අයාලේ  යන  හරකුන්  නිසා  මගී  ජනයා  අපහසුතාවයට  පත්වූ  අවස්ථා  ගැන  අප  මීට පෙරද  අප  වෙබ්  අඩවියේ  සඳහන්  කළෙමු. එවැනි  තවත්  අවස්ථාවක්  ඇස  ගැටුනේ  මීගමුව පරණහලාවත  පාරේ ශාන්ත  පීතර  දේවස්ථානය  ඉදිරිපිට දීයරිසිසේ  පාරපුරා  ඇවිදිමින්  උලාකමින් සමහර හරක්  පාර  මැද  සිට  වාහන  නතරකරමින්  හැසිරෙන  මේ  දර්ශනය  තුළ  පෙන්නුම්  කරන්නේ  හරක්  ගතියයිමෙහිදී  මේ  සතුන්ට  බැනවැදී  වැඩක්  නැත. මන්ද  අපකියන  කිසිවක්  උන්ට  නොතේරෙන  බැවිනිඒනිසා  උන්  ඉවත්වනතුරු  අප  ඉවසා සිටිය  යුතුය. ප්‍රශ්ණය  වන්නේ  මිනිස්සුන්ටත්  මේගැන  නොතේරෙන්නේ  ඇයිදකියාය.   තම  හරක්  අයාලේ  යවා  බලාසිටින  අයිතිකරුවන්   කොහේ හෝ  ඇවිද  බඩපුරවා  ගැනීම  පමණක්  අරමුණු  කරගන්නා  අතර  පාරේ  ගමන්කරන  අය  ගැන  කිසි  තැකීමක්  නොකරයි. මෙහිදී  දඩුවම්  කළයුත්තේ  හරකුන්ට  නොව  අයිතිකරුවන්ට  බව පැහැදිළිය. මේ  සදහා  අදාල  ආයතන  සහ  නිලධාරීන්  සිටින  බව  හරක්  නොදනිතත්  අයිතිකරුවන්  දැන සිටිය යුතුය.