මෛත්‍රිව රනිල් එපා කියයි ! සජිත් භාර ගනියි ?

0
97

ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළ කිරීමට කැමැති යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පණිවුඩකරුවන් යවා තිබෙන නමුත් ජනාධිපතිවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර  පැවසු බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබුණි

“අපේ පක්ෂයේ හිටපු සභාපතිවරයා අද යන එන මං නැති තත්ත්වයට පත් වී සිටිනවා. කිසිදු පක්ෂයකින් ඔහු බාරගන්න කැමැති නෑ. තමන් පිළිබඳ විශ්වාසය තමන්ම පළුදු කර ගත්තාම උරුම වෙන්නේ මහමඟ තමයි. දැන් කොහේ හරි කුණු ගොඩක් හොයනවා ඇති. ඒකට සම්බන්ධ වෙන්න. නමුත් හිටපු ජනාධිපතිවරයෙක් මේ තරම් පහත් තත්ත්වයකට ඇද වැටීම ගැන අපි කණගාටුවට පත් වෙනවා” යැයි බෙලිඅත්තේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැතිවරණ කමිටු නියෝජිතයින් හමුවු අවස්ථාවකදි මේ බව සදහන් කර ඇතැයි එම පුවතේ වැඩිදුරටත් සදහන්ය.

රනිල් එපා යැයි කියු මෛත්‍රි සජිත් ලගට ගොස් ඇතැයි මාධ්‍ය විසින් වාර්තා පළ කර තිබේ.

ජනාධිපතිවරණයේදී විජේදාස රාජපක්ෂ ට සහාය පළ කිරීම සඳහා එකතු වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ
කණ්ඩායම ඉන් ඉවත් වී සජිත් ප්‍රේමදාස ට සහාය පළ කිරීම සඳහා තීරණය කර ඇතැයි anidda.lk වෙබ් අඩවිය වාර්තා කර තිබේ

මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොළොන්නරු ආසන බල මණ්ඩලය පසුගිය දිනෙක කැඳවමින් ඉදිරි ජනාධිපතිවරණයේ සහාය පළ කළ යුත්තේ
කාටදැයි විමසීමක් කර ඇති අතර එහිදී සජිත් ප්‍රේමදාස ට සහාය පළකළ යුතු බවට තීරණය වී ඇතැයි එම පුවතේ වැඩිදුරටත් සදහන්ය.

මේ අතර සමගි ජන බලවේගයේ (SJB) ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් කියා සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා SJB සමඟ එක් වූ බවට වන පුවත සත්‍යයෙන් බොහෝ දුරස් වන බවය

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා SJB සමඟ එක් වූ බවට පැතිර යන කතාව ඔහු ප්‍රතික්ෂේප කළ බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබුණි

පාස්කු ප්‍රහාරයට වලක්වා ගැනිමට කටයුතු නොකිරිම නිසා කතෝලික සභාවෙන් දැවැන්ත විරෝධයක් මෛත්‍රි වෙත එල්ල වි ඇති පසුබිමක මෛත්‍රි ආගමනය සජිත් හට  පාරාවලල්ලක්ම වනු ඇතැයි සජබ දේශපාලන ක්‍රියාධරයන් අතර පවා අවධානයට යොමුව ඇති කරුණක් බවට පත්ව තිබේ