මේ අතර බැසිල් රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ වසින් පළාත් පාලන නියෝජිතයන්ගේ විශේෂ හමුවක් කුරුණෑගල පවත්වා ඇති බවද එම වෙබ් අඩවිය වාර්ථා කර සිටි.
අප විසින් මීට පෙරද වාර්ථා කර තිබුණ පරිදි මීගමුව මහනගර සභාවේ ශ්‍රිලනිප මන්ත්‍රිවරුන්ගෙන් බහුතරයක් දෙනා කියා සිටින්නේ එළඹෙන පළාත් පාලන මැතිවරණයට ඔවුන් ඉදිරිපත් වන්නේ මහින්ද පිළෙන් බවය.
මීගමුවේ හෝටලයකදි බැසිල් රාජපක්ෂ හා ඇමති නිමල් ලංසා අතර පැවැති හමුවක් ගැන කසුකුසුවක්ද මීගමුව තුල පසුගිය කාලයේ පැවැතිණි.
එමෙන්ම පසුගිය දිනක බැසිල් රාජපක්ෂ මහතාව මුල්‍ය වංචා දුෂණ ඒකකය විසින් කැදවා තිබුණ අවස්ථාවේදි ඔහු අසලින්ම සිටියේ ඇමති නිමල් ලංසාය.
මේ අතර දයාන් ලංසා මහින්ද පිලෙන් මීගමුට තරග කරන්නේ නම් තමන් වෙනත් පිළකින් තරග කරන්නට යන බවද දැනටමත් ශ්‍රිලනිප මන්ත්‍රිවරුන් පිරිසක් විසින් තින්දු කර තිබේ.
හුලං අත බලා රුවල් දමන්නට උපන්ගෙයි හපනෙක් වු ඇමති නිමල් ලංසාට දැන් කෙසේ හෝ අවැසි වන්නේ මහින්ද පිලෙන් මල්ලි දමා කෙසේ හෝ දිනවා මෛත්රිද ගොනාට අන්දවා නගරාධිපතිකරවිමටය.
ඡායා- අමිල වීරරත්න /wayambatoday