වසර ගණනක් පෙරුම්පුරමින් සිටියද නිමල් ලංසාට මහින්ද රාජපපක්ෂ විසින් කිසිදු ආසන සංවිධායකකමක් දුන්නේ නැත.
එය ලැබෙන්නේ මෛත්රිපාල සිරිසේන මහතාගෙනි.
ඒ වත්තල ආසනය ලබාදෙමිනි.
එහෙත් නිමල් ලංසා ගේ එකම පෝස්ටරයකවත් මෛත්රිගේ රුපය නැත.
ඒ ඇයි ?
ඔහු දැන් වැඩකරන්නේ ගම්පහ දිස්ත්රික්කයේ එක්සත් ජනතා සන්ධානයේ මහින්ද පිළ වෙනුවෙනි.
මේ නිසා නාමයෝජනා මෙහෙයුමේදි සුදර්ශණි ප්රානාන්දුපුල්ලේ මහත්මියට එරෙහිව කටානේ අපේක්ෂකයන් කිපදෙනෙකුවම ඉස්සරහට ගෙන දියත් කර තිබු මෙහෙයුම දැන් කව්රුත් දනි.
දැන් ඔහුගේ මැතිවරණ සටන යනු මෛත්රි පිලේ සුදර්ශණිට එරෙහිවය.