මෛත්‍රිගේ පිහිටෙන් ඇමතිකම අරන් මහින්දගේ පිහිටෙන් මල්ලිව නගරාධිපති කරවන්න හදන කෙනා කව්ද ?

0
39

fox-2272මෛත්‍රි පිලේන් පළාත් පාලන ඡන්දේ දිනන්න බෑ .මහින්ද රාජපක්ෂගේ විකල්ප කණ්ඩායම එක්ක තමයි වැඩේ යන්න ඕන කියල මේ දවස්වල  මහත් උද්යෝගයකින් මීගමුවේ දේශපාලන දාම් ලෑල්ලේ ඉත්තෝ අදින හැටි කල්පනා කරන කෙනෙක් ඉන්නවා.
එයාගේ එකම පැතුම වෙලා තියෙන්නේ වත්තල එයාගේ කරගෙන ඇමති කමත් රැකගෙන මීගමුව මල්ලිට භාරදිල නගරාධිපතිකරවන්න.
හැබැයි එක පරහක් තියෙනවා.
මෙයාගේ සැලැස්මට කැමැති නැති පිරිසක් මීගමුවේ ඉන්නවා. එයාල වෙනමම සැලැස්මක් කරගෙන යනවා. හැබැයි ඒ සැලැස්ම එහෙම පිටින්ම ක්‍රියාත්මක වෙන්නේ මල්ලියගේ නගරාධිපති සිහිනය සුනුවිසුනු කරගෙන.
මේක තමයි ඉදිරි දවස්වල මීගමුවේ දිගහැරෙන්නට නියමිත දේශපාලන යථාර්ථය.
දේශපාලකයා හිවලෙකු මෙන්ම කපටියෙකු විය යුතුයැයි මීට ශතවර්ෂ ගණනාවකට ඉහතදි මැකියාවෙලි කිවේ ඇයිදැයි යන්න ගැන මීගමුවේදි අපට දැනගන්නට හැකිවේවි…….