මෛත්‍රිපාල සිරිසේන මහතාට යාපනයේදි උණුසුම් ප්‍රතිචාර

0
150

10 පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජය පතා පැවැති යාපනයේ මහජන රැළියට අතිවිශාල ජනකායක් රැස්ව සිටියහ.
මෙම රැස්විම අමතා හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක,ජෙනරාල් සරත් පොන්සේකා මෛත්‍රිපාල සිරිසේන රාජිත සේනාරත්න,මනෝ ගනේෂන් රිෂාඩ් බදුදින් ඇතුලු පොදු විපක්ෂය නියෝජනය කරමින් දේශපාලන නායකයන් රැසැක් එක්ව සිටියහ.
යාපනේ ජනතාව අමතමින් මෛත්‍රිපාල සිරිසේන මම රජපවුලක කෙනෙක් නෙමේ ගොවිපවුලක සාමාන්‍ය කෙනෙක් යැයි කියද්දි රැස්ව සිටි ජනයා එක දිගට අත්පොලසන් දුන්නේය.
සාමය පතා දේශපාලන නායකයන් විසින් සුදු පරවියන් ගුවනට මුදා හැරිමද මෙහිද සිදුවිය.