මෛත්‍රි ගැන සරත් කියන කථාව ඇත්තක්ද ?

0
31

ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් ගුණරත්න මහතා සිය පක්ෂයේ මහලේකම්වරයා පිළිබදව තදබල විවේචනයක් පසුගිය දිනක කර තිබුණි ඒ  ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ දී වැඩ බලන අමාත්‍යවරයා ලෙසින්  වැඩ භාරගනිමිනි.

එහිදි ඔහු සිය අදහස් මෙසේ පළකර ඇති බව read lanka වෙබ් අඩවිය විසින් වාර්ථා කර තිබුණි   “රිදී තිහට අවසන් භෝජන සංග්‍රහයේ දී ජේසුතුමන් පාවා දුන් ජුදාස්ට පසුව ගෙල වැළලා ගැනීමට සිදුවූයේ යැයි ද අමාත්‍යවරයා කීය. එක තේ මේසයේ සිට ආප්ප කමින් සුහද පිළිසඳරේ යෙදුණු මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී.ල.නි.ප. පාවා දුන් බව ද එදා පරම සතුරා ලෙස හඳුන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතාගේ කොන්ත්‍රාත්තුවක් ඉටුකිරීමට ඔහු විපක‍්ෂයට පැන ගිය බව ද ඒ මහතා සඳහන් කළ බව
එදා රිදී තිහ මෙන් කොන්ත්‍රාත්තුවක් අනුව ඔහු පැන්නා ද යන්න දැන් සැක මතුවන බවත් ශ්‍රී.ල.නි.ප. පාක‍්ෂිකයන්ද මේ පිළිබඳ ප්‍රශ්න කරන බවත් කී හෙතෙම පක‍්ෂය පාවා දුන් ඔහුට ඡන්ද දායකයන් නිසි දඬුවම් ඉක්මනින්ම ලබා දෙනු ඇති බවද වෙබ් අඩවිය විසින් සදහන් කර තිබුණි.
මේ අතර ඇමති සරත් ගුණරත්න මහතාගේ නමද මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පළකරන්නට ඉදිරිපත් වෙන ඇමතිවරුන්ගේ ලයිස්තුවේ සදහන් ව තිබුණි.