මෛත්‍රි පාලනයක් සදහා මීගමු සටනට හෙට සිට රොයිස්ගේ නායකත්වය …

0
59

මාස 10 කට ආසන්න කාලයක් බන්ධනගාරගතව සිටි මීගමුව එජාප සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත මහතා හෙට මෛත්‍රි පාලනයක් සදහා වන මීගමු සටන මෙහෙයවිමට පෙරමුණ ගැනිමට නියමිතය.
බන්ධනාගාරයෙන් නිදහස්ව පැමිණෙන රොයිස් විජිත මහතා මුලින්ම කඩොල් කැලේ දේවස්ථානයේ යැදුම් මෙහෙයකට සහභාගිවිමෙන් අනතරුව සිය මව මිහිදන් කර ඇති පෙරියමුල්ලේ සුසාන භූමිය වෙත ගොස් ඇයට බුහුමන් දක්වා මැතිවරණ සටන දුන්ගාල්පිටියේ සිට පටන් ගැනිමට නියමිතය .
මුළු මීගමුවේම සියළු ප්‍රදේශ ආවරණය වන අයුරින් රැස්විම් ගණනාවක් සංවිධානය කර ඇතැයි මැතිවරණ සංවිධාන කමිටු නියෝජිතයෝ මීපුරට පැවසීය.roies