මොකක්ද මේ ඉන්ෆ්ලුවෙන්සා AH1N1???

0
421

පසුගිය දිනක මහනුවර මහ රෝහලේ වෘක්කවේදී වාට්ටුවේ ප්‍රථිකාර ලබමින් සිටි රෝගීන් තුන් දෙනෙකු ඉන්ෆ්ලුවෙන්සා AH1N1  වෛරසය ශරීරගතවීමෙන් ඇතිවූ රෝගී තත්වයකින් මරණයට පත්වීම නිසා කාලයත් සමග කාටත් අමතකව ගිය රෝගයක් නැවතත් කා අතරත් කථාබහට ලක්වීමට පටන් ගෙන තිබෙනවා.

ඇත්තට මොකක්ද මේ ඉන්ෆ්ලුවෙන්සා AH1N1 කියන්නේ?

ඔබට මතක ඇති මීට වසර කිහිපයකට පෙර සූකර උණ කියල උණක් ලෝකය පුරා ව්‍යාප්ත වීමට පටන් ගත්තා. මේ උණ තත්වයට මේ නම ලැබෙන්න හේතුව වෙන්නේ , මේ උණ මුල් කාලයේදී වැළදී ඇත්තේ උෟරන් සමග ගැවසෙන පිරිස් වලට වීම නිසයි. නමුත් පසුකාලීනම මෙම රෝගී තත්වය ඌරන් සමග කිසිම සම්බන්දයක් නැති පුද්ගලයන්ට පවා වැලදීම නිසා එම උණට භාවිතා කල සූඛර උණ කියන නාමය එහෙමම යටපත් වෙලා ගියා. දැන් ඒ උණ හදුන්වන්නේ ඉන්ෆ්ලුවෙන්සා AH1N1 කියලයි. 2009 වසරේදී මේ උණ ලෝකය පුරා සීඝ්‍රෙයන් පැතිරීමට පටන්ගත් නිසා ලෝක සෞඛ්‍ය සංවිධනාය විසින් මෙම රෝගය වසංගතයක් ලෙසත් නම් කරනු ලැබුවා.

මේ රෝගය තවත් කෙනෙකුට බෝවෙන්නේ කොහොමද?

ලෙඩවෙලා බෙහෙත් ගන්නවාට වඩා පරිස්සම හොද නිසා අපි ඒ ගැනත් හොයල බලමු. මේ රෝගය ව්‍යාප්ත වෙන්නේ මේ රෝගය වැලදී ඇති තවත් පුද්ගලයෙකුගේ කැස්සෙන් හෝ කිවිසුම් යන විට පිටවන කුඩා ආසාදිත සොටු බිදිති වලින්. එම ආසාදිත සොටු බින්දු තවත් නිරෝගී පුද්ගලයෙකු ආශ්වාස කිරීම මගින් පහසුවෙන්ම මේ රෝගය එම පුද්ගලයාට වැලදීමට හැකියාව පවතිනවා. එලෙසම ආසාදිත ද්‍රව්‍ය ඇතැම් විට වෙනත් පොදු ස්ථාන වල පතිත් වී තිබී ඔබ එම ස්ථාන ස්පර්ශ කිරීම මගින් පවා මේ රෝගය ඔබට වැළදීමේ හැකියාව පවතිනවා.(උදා –  සින්ක්, දොර අගුළු, මේස වැනි දේ….)

රොගය වැළදුන පුද්ගලයෙකු එම රෝග ලක්ෂණ පෙන්වීමට දිනකට පෙර සිට රෝග ලක්ෂණ පෙන්වා දින 7ක් පමණ යන තුරු අතර කාලය තුල එම රෝගියාගෙන් තවත් පුද්ගලයෙකුට මේ රොගී තත්වය බෝවීමේ ඉඩකඩ පවතිනවා. කුඩා දරුවන්ටනම් දින 10ක් පමණ ඇතුලතදී පවා මේ රෝගය වෙනත් පුද්ගලයෙකුගෙන් බෝවිය හැකියි.

360_swine_flu_b_0424

රෝගලක්ෂණ මොනවාද?

සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක පවතින රෝග ලක්ෂණ වන

  • කැස්ස
  • උණ
  • ඔළුවේ කැක්කුම
  • ඇගේ ඇතිවන කැක්කුම්
  • හතිය/මහන්සි ගතිය
  • වෙව්ලීම

වැනි රෝග ලක්ෂණ තමයි මේ රෝගයේ්ත් රෝග ලක්ෂණ වන්නේ. ඒ සමගම නිව්මෝනියාව, පෙනහළු වල ඇතිවන රෝගී තත්වයන්, මෙන්ම හුස්ම ගැනීමේ අපහසුතාවයන් මෙහිදී ඇති වීමට වැඩි අවස්ථාවක් පවතිනවා.  කලින් සදහන් කරල ලද රෝග ලක්ෂණත් සමග හුස්ම ගැනීමේ අපසුතාවයන්, බඩේ ඇති වන කැකුමක්, දිගින් දිගටම පවතින වමනය යාම වැනි තත්වයන්ද පවතීනම් ඔබගේ වෛද්‍යවරයා වෙත හැකි ඉක්මනින් යොමු වීම වැදගත් වෙනවා.

මේ වන විට මහනුවර රෝහලේ සිදුවූ මරණ තුනත් තවත් එම රෝහලේ මේ රෝගීතත්වය වැලදීම නිසා ප්‍රථිතාර ලබන රෝගීන්ටත් අමතරව දිවයින පුරා මේ රෝගී තත්වය මේ වනතෙක් වාර්ථා වී නැතත් එය නැවතත් වසංගතයක් සෙල පැතිරීමේ අවදානමක් පවතින නිසා සියළු දෙනා වඩාත් සැලකිලිමත් ලෙස ප්‍රෙව්ශම් වීම වැදගත් වෙනවා.

නමුත් විශේෂයෙන් තමන්ට මේ වන විට සෙම්ප්‍රතිශ්‍යා තත්වයක් පවතීනම් අනවශ්‍ය බියක් ඇති කරගත යුතු වන්නේ නැහැ. එයට අවශ්‍ය නිසි වෛද්‍ය උපදෙස් හා පරීක්ෂණ මගින් ඔබට ඔබගේ රෝගී තත්වය නිවැරදි ලෙස හදුනාගෙන නිසි ප්‍රථිකාර ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

AH1N1-Sin

 

 

http://www.webmd.com ඇසුරිණි