මොකක්ද මේ ඩෙංගු ???

0
492

cause-of-dengue-feverඩෙංගු රෝගය බෝවන්නේ ඊඩිස් ඊජිප්ටයි කියන මදුරු විශේෂයෙන්. ඒ වගේම ඩෙංගු වැලදිය හැකි වෛරස් වර්ග 4ක් පවතිනවා. කිසියම් අවස්ථාවක ඔබට එක් ආකාරයක ඩෙංගු වෛරසයක් වලදුනහොත් එම වෛරසය නැවත ඔබට නොවැලදීම සදහා වන ප්‍රතිශක්තීයක් මුළු ජීවිත කාලයටම ඔබගේ ශරීරයේ ඇති වෙනවා. නමුත් අනිත් ඩෙංගු වෛරස් 3න් එක්ක වෙනත් ඕනෑම අවස්ථාවට ඔබට වැලදෙන්න පුළුවන්. අවස්ථා 4කදී මේ වෛරස් 4ම ඔබට වැලදීමේ හැකියව පවතින බවත් ඔබ මතක තබා ගත යුතුයි.

ජාත්‍යන්තර වාර්ථා සදහන් කරන ආකාරයට සෑම වසරකම  ලොව පුරා ඩෙංගු රෝගීන් මිලියන 400ක් පමණ වාර්තා වන අතර ඝර්ම කාලාපීය රටවල් වල මේ තත්වය තවත් වැඩි වශයෙන් දක්නට ලැබෙනවා.

  • උප සහරා කලාපය
  • මධ්‍යම අප්‍රිකාව
  • මෙක්සිකෝව
  • කැරිබියන් දූපත්
  • පැසිෆික් දූපත්
  • දකුණු ඇමරිකාව  ( අර්ජන්ටිනාව,චිලී හා පැරගුවේ හැර)
  • අග්නිදිග ආසියාව (විශේෂයෙන් තායිලන්තය හා සිංගප්පූරුව)
  • දකුණු චීනය
  • තායිවානය
  • ඕස්ට්‍රේලියාවේ උතුරු පළාත් විශේෂයෙන් ඩෙංගු තර්ජනයට ලක්වූ ප්‍රදේශවශයෙන් දක්වන්න පුළුවන්.

ඩෙංගු රෝගය බෝවන්නේ ඩෙංගු වෛරසය ශරීර ගතවී ඇති මදුරුවෙකුගේ සපාකෑමකින් වන අතර කිසි විකට ඩෙංගු රෝගියෙකුගෙන් වෙනත් පුද්ගලයෙකුට ඩෙංගු වෛරසය ඇතුළු වන්නේ  නැහැ.

රෝග ලක්ෂණ

ඩෙංගු වෛරසය ශරීර ගතවී දින 7ක් පමණ ගතවන විට රෝග ලක්ෂණ ඇති වීමට පටන්ගන්නවා. බොහෝ දෙනෙකුට දැනෙන රෝග ලක්ෂණ බොහෝ අවස්ථාවන් වලදී සාමාන්‍ය උණ තත්වයක් හෝ විශබීජ ආසාදනයක රෝග ලක්ෂණ වශයෙන් පටලවා ගැනීම සිදුවෙන නිසා තත්වය බරපතල වෙන්න පුළුවන්. සමාන්‍යයෙන් මේ රෝගයේ රෝග ලක්ෂණ දින 10ක් පමණ පවතින්න පුළුවන්.

  • අධික උණ
  • දැඩි හිසරදය
  • වසා ගැටිති ඉදිමීම
  • සන්ධි හා මාංශපේශී වල වේදනාව
  • සමේ රෝගී තත්වයන්
  • ඔක්කාරය
  • වමනය
  • විදුරමසෙන් හා නාසයෙන් ලේ ගැලීම (සුළු වශයෙන්)
  • උණත් සමග ඇති වන කම්පනය  රෝග ලක්ෂණ වශයෙන් දකින්නට ලැබෙනවා.

රෝගය හදුනාගැනීම

රෝග ලක්ෂණ ඇති වී සාමාන්‍ය යෙන් දින 3කට පසු ඩෙංගු ප්‍රතිදේහ ජනක පරික්ෂාවකින් හා සම්පූර්ණ රුධිර වාර්ථාවක් ලබා ගැනීමට ඔබගේ වෛද්‍යවරයා විසින් ඔබට දැනුම් දෙනවා. එම වාර්ථා වල ප්‍රථිඵල වලින් ඔබට වැලදී ඇත්තේ ඩෙංගු රෝගයද නැද්ද යන්න සැකහැර දැනනගත හැකියි.

නමුත් මේ වන විට අප රටතුල පවතින ඩෙංගු වසංගත තත්වය හේතුවෙන් රෝග පක්ෂණ ඇති වී පලමු දිනයේදීම මෙම පරීක්ෂණ සිදුකරන ලෙස වෛද්‍යවරුන් පවසන අතර පළමු අවස්ථාවේදී ඩෙංගු වෛරසය ආසාදනය වී නැති බව පරීක්ෂණ වාර්ථාවේ සදහන් වූවත් රෝග ලක්ෂණ දිගින් දිගටම පවතීනම් නැවතත් මෙම පරීක්ෂණ සිදුකර ගන්නා ලෙසත් වෛද්‍යවරුන් දැනුම් දෙනවා.

ප්‍රතිකාර

මේ වන තෙක් ඩෙංගු රෝගය සුව කිරීම සදහා විශේෂිත ඖෂධයක් හෝ එන්නත් සොයැගෙන නැහැ.
ඔබට ඇති වන උණ,හිසරදය,මස්පිඩු හා සන්ධි වල වේදනාව සදහා වේදනානාශක ලබා ගත යුතු වනවා. ඒ සදහා වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරන්නේ පැරසිටමෝල් ඖෂධය පමණක් බවත් විශේෂයෙන් මතක තබා ගත යුතුයි. අස්ප්‍රින් හා ඉබුප්‍රෝෆන් වැනි වේදනානාශක ලබාගැනීම තුලින් රුධිර වහනයන් ඇති විය හැකි නිසා එම ඖෂධ ලබා ගැනීමෙන් වලකින ලෙස වෛද්‍යවරුන් විසින් දැනුම්දෙනවා.

ඩෙංගු වෛරසය ශරීරගතවී ඇති බවට රුධිර පරීක්ෂණ වලින් හෙලිවූ විට ඔබ අනිවාර්යයෙන් රෝහල් ගතවී ප්‍රතිකාර ලබ ගත යුුතුයි. රොගියා පානය කරන ජල ප්‍රමාණය හා පිටවන මුත්‍රා ප්‍රාමාණයත් මෙහිදී වඩාත් විමසිලිමත්ව පරික්ෂා කෙරෙනවා.(මේ වන විට රෝහල් වල ඇති දැඩි තදබදය නිසා ඇතැම් අවස්ථාවල ඔබගේ රෝග ලක්ෂන හා තත්වය බරපතල  නොවන අවස්තාවන් වලදී නිවසේ සිට විවේක ගන්නා ලෙසටත් දිනපතා රුධිර පරීක්ෂණ වල වාර්ථාවන් වෛද්‍යවරුන් වෙත ඉදිරිපත්කරමින් රෝගියාගේ තත්වය පිරික්සා බැලීමේ අවස්ථාවන් සිදුවිය හැකියි.

ඇතිවිය හැකි සංකූලතාවයන්

ඩෙංගු වෛරසය ශරීර ගතවන රෝගීන්ගෙන් සමහර රෝගීන්ට ඩෙංගු රක්තපාත තත්වය ඇති වෙන්න පුළුවන්. එලෙසම ඩෙංගු රෝගය වැලදුන පුද්ගලයන්ගේ අක්මාවේ සංකූලතාවයන් ඇති විය හැකි නිසා අක්මාව දිනපතාම ස්කෑන් පරීක්ෂාවට ලක් කෙරෙනවා.

ඩෙංගු රක්තපාත තත්වයේ රෝග ලක්ෂණ වශයෙන්

  • අධික උණ
  • වසා පද්ධතියට හානි සිදුවීම
  • රුධිර නාල වලට හානි සිදුවීම
  • නාසයෙන් ලේ ගැලීම් ඇති වීම
  • විදුරුමස් වලින් ලේ ගැලීම් ඇති වීම
  • අක්මාව ඉදිමීම
  • රුධිර සංසරණ පද්ධතිය බිදවැටීම.

ඩෙංගු රක්තපාත තත්වය පාලනය නොවන්නේනම් එම රෝගීන්ට ඩෙංගු කම්පන තත්වයන් ඇති වෙන්න පුළුවන්.ඩෙංගු කම්පන තත්වය ඉතාමත් බරපතල විය හැකි අතර මරණය පවා සිදුවිය හැකියි.

ඩෙංගු රෝගයෙන් වැලකීමට කලයුත්තේ මොනවාද?

මේ වන තෙක් ඩෙංගු රෝගය සුවකිරීම සදහා වන ඖෂධයක් සොයාගෙන නැහැ. ඒ නිසා ඩෙංගු සුවවිය යුත්තේ ශරීරයෙන්ම ඇති වන ප්‍රතිදේහ මගින්. ඒ නිසාම මෙම රෝග තත්වය වැලදීමෙන් ආරක්ෂා වීමට සියළු දෙනාම සැලකිලිමත් විය යුතුයි.

  • මදුරුවන් බෝවියහැකි ස්ථාන විනාශ කිරීම.
  • විශාල පිරිසක් රැස් වන හා අධික ජනගහණයක් ඇති ප්‍රදේශවලින් ඈත්වී සිටීම.
  • නිවසේදී මෙන්ම නිවසෙන් පිටත් මදුරු විකර්ෂකයන් යෙදීම.
  • ශරීරයම වැසෙන ආකාරයේ ඇදුම් ඇදීම.
  • ජනෙල් විවර කර නොතැබීම හෝ හැකිතාක් අඩු කිරීම.
  • දොර ජනෙල් වසා ඇති විට මදුරුවන් නිවසට ඇතුළු නොවියහැකි බවට සැකහැර දැනගැනීම. (දොරජනෙල් වල ඇති සිදුරු වැනි දේ වසා දැමීම.)
  • නිදා ගැනීමේදී මදුරු දැල් භාවිතා කිරීම.

ඔබ කිසිවිටත නොසිතන තැන් වල පවා ඩෙංගු කීටයන් බෝ විය හැක.

 

මූලාශ්‍රය – http://www.healthline.com