මොණිකා කරපිංචා කුඩු යොදාගෙන පහසුවෙන් කරපිංචා කැඳ හදන්න පුලුවන්

0
696

කරපිංචා ශාකයේ කොල මිනිස් ශරීරයේ යහපත් සෞඛ්‍ය තත්වය පාලනය කිරීමට රුකුල් දෙන ගුණ රාශියකින් සමන්විත වේ. ආදී කාලයේ සිටම අපේ පැරැන්නෝ කරපිංචා ආහාරයට එක්කර ගත්තේ මේ ගුණ දේශීය වෛද්‍ය සම්ප්‍රදාය තුළින් ද අනුමත වූ බැවිනි. එමෙන්ම කරපිංචා කාන්තාවන්ගේ හිසකෙස් සදහා සත්කාරයක් ලෙසද යොදා ගැණුනි. පිරිසිදු පොල්තෙල් තරමක් රත්කර කරපිංචා කොල එක්කර නිවා හිසේ ගැල්මෙන්  හිසකෙස්  වර්ධනය වීමත් පෝෂණය වීමත් සිදුකරයි.


කරපිංචා කුඩු කල්පවත්වාගත හැකි ලෙස මනාව  සකස්කර ඇසුරුම්කර ඇති කරපිංචා කුඩු පැකට් දැන් ඔබට මොණිකා ග්‍රයින්ඩින් මිල්ස් වෙතින් රු 190කට මිළදී ගත හැකියි. මොණිකා කරපින්චා කුඩු භාවිතයෙන් පහසුවෙන් කරපින්චා කැද සාදාගත හැක.


කරපිංචා වල ගුණ

1. රක්තහීනතාවය පාලනය කරයි.
කරපිංචා වල යකඩ හා ෆොලික් අම්ලය :යකඩ අවශෝෂණය වැඩි කරයි- අන්තර්ගත බැවින් රක්තහීනතාවයට ප්‍රතිකාරයක් වශයෙන් භාවිතා වේ.

2. දියවැඩියාව පාලනය කරයි.
ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වය වැඩි කරමින් රුධිරගත සීනි මට්ටම පාලනය කිරීමට කරපිංචා වැදගත් වේ. එලෙස කරපිංචා වල ඇති අධික තන්තු ස්වභාවයද රුධිරයේ සීනි මට්ටම පානය කිරීමට ක්‍රියාකාරයි.

3.ආහාර ජීරණය පහසුකරයි.
කරපිංචා මගින් ආහාර ජීරණය පහසු කරනවා සේම අපගන්නා ආහාරවල ඇති මේදය ශරීරය මගින් අවශෝෂනය කරන ප්‍රමාණයද පාලනය කරයිග ඒ අනුව ශරීරයේ බර අඩුවීම කෙරෙහිද කරපිංචා බලපෑමක් ඇති කරයි.

4.කොලෙස්ටරෝල් අඩු කරයි.
ශරීරය තුලදී කොලෙස්ටරෝල් ඔක්සිකරණය වීම මගින් LDL හෙවත් අහිතකර කොලෙස්ටරෝල් නිපදවීම වලක්වා ශරීයේ ඇති  HDL හෙවත් හිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය පාලනය කරයි.

5. හිසකෙස් සුදුවීම පාලනය කරයි.
හිසකෙස් සිදුවීම පාලනය කිරීම, හිසකෙස් ශක්තිමත් කිරීම
හිස්හොරි පාලනය කිරීම, පලුදු වූ හිසකෙස් නැවනත් යථා තත්වයට පත්කරයි.කරපිංචා