මොබයිල් ෆොන් එකක් දේශපාලකයන්ගේ රෙදි ගලවපු හැටි ? සෙල්ටෙල් විමල් දැන්වත් ඉගෙන ගන්න !

0
486

සනත් නිමල්විමල් විරවංශව එදා කාටුන් ශිල්පීන් චිත්‍රයට නැගුවේ හැම විමට ජංගම දුරකථනයක් අතේ තියන් ඉන්න කෙනා ලෙසය. ඒ තරමට ඔහු එයට අන්‍යන්‍යව සිටියේය.
එහෙත් නුතත මාධ්‍ය සමාජය තුල ජංගම දුරකථනයකට කළ හැකි විප්ලවය ගැන විමල්ට කිසිදු දැනුමක් තිබෙුනේ නැත.ඒ නිසාම පසුගිය දිනක මිගමුව උසාවියේදි ජංගම දුරකථනයක් අතැතිව සිය මාධ්‍යකරණයේ යෙදුණ වෙබ් මාධ්‍යවේදියෙකු විරවංශගෙන් ප්‍රශ්ණයක් අසද්දි ඔහු ඉතාමත් නිහින ලෙස එකි මාධ්‍යවේදියාව ප්‍රතික්ෂේප කරමින් මේ මේ ප්‍රසිද්ධ මාධ්‍ය විතරක් ප්‍රශ්ණ අහන්නකෝ මේ පොන් එකක් අතේ තියාගෙන යනුවෙන් අදාල මාධ්‍යවේදියට දරුණු සමච්ලයක් එල්ල කලේය.
එහෙත් විමල් විරවංශ නොදන්නා මොබයිල් ෆෝන් මාධ්‍ය කරනයේ තරම දැන් රටේම කතාබහට ලක්ව ඇත්තේ එදා මිගමුවේ දි පොහොට්ටු දේශපාලකයන්ගේද රෙදි ගලවමිනි.
එදා විමල් විරවංශ විසින් ප්‍රතික්ෂේප කළ ජංගම දුරකථනයම දේවානි විසින් පොහොට්ටුවේ දේශපාලකයන්ගේ මෙන්ම ඔවුන් අධාරකරුවන්ගේද රෙදි ගලවා නිරුවත අගේට සමාජ ගත කර තිබුණි.ඒ නිගම්බු ටුඩේ වෙබ් අඩවියේ බර්ටි වීරසිංහය.
සෙල්ටෙල් විමල් නොදන්නා ලෝකයම දන්නා මොබයිල් ෆොන් මාධ්‍යකරණයේ තරම දැන් අගේට ඔප්පු වි ඇත.

අප එදා මේ පිළිබදව තැබුවේ මෙවන් සටහනකි.

රාජ්‍ය ඇමති විමල් වීරවංශගේ  කුප්‍රකට පාස්පොර්ට් නඩුව අදත් මීගමුවේ උසාවියේදි පැවැති අතර ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ දීර්ඝ කරුණු දැක්විමක් කර තිබුණි
.මේ අතර ජංගම දුරකථනයක මගින් සිය මාධ්‍ය මෙහෙවරේ නියැලි සිටි වෙබ් මාධ්‍යවේදියෙකු විමල් විරවංශගෙන් ප්‍රශ්ණයක් ඇසිමට සුදානම් වෙද්දි ඒ මාධ්‍යවේදියාව ඉතාමත් නිහීන විදියට ප්‍රතික්ෂේප කරමින් කියා තිබුනේ පිළිගත් මාධ්‍ය පමණක් ප්‍රශ්ණ අහන ලෙසය.
ඉන් අනතුරුව අනිකුත් මාධ්‍යවේදින්ද තවත් ප්‍රශ්ණ අහන අතරේ වෙබ්මාධ්‍යවේදියා යළිත් ප්‍රශ්ණයක් ඇසිමට යද්දි පිළිගත් අය විතරක් අහන්නකො යැයි යළිත් බාධාකර ඇත.
ඉන් නොනැනුවතුන රාජ්‍ය ඇමතිවරයා  මෙතන ෆෝන් එකකින් කරන එකක් මොකක්ද  යැයි කියමින් සමච්චලයක් කර තිබුණි.
ඒ අවස්ථාවේ මහත් අසරණභාවයකට පත්වු වෙබ්මාධ්‍යවේදියා පෙරළා කියා සිටියේ ඇමති තුමා මමත් පිළිගත් මාධ්‍ය ආයතයකින් තමයි හැදුනුම්පත පෙන්වන්නද යනුවෙනි.
එහෙත් රාජ්‍ය ඇමති විමල් වීරවංශ පෙරකි වෙබ්මාධ්‍යවේදියාව මහ සෙනගක් මැද තවත් ලැජ්ජාවට පත්කරමින් කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා විමල් වීරවංශලා පිළිගත් යැයි හිතන ඔවුන්ගේ හොරණෑ ආයතනවල මයික් ලො⁣ගෝ දෙස බලමින් යළිත් අදහස් දැක්වා තිබේ.
මෙසේ උසාවි භුමියේදි අසරණභාවට පත්ව තිබුනේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙබ් අඩවියක ලයිසන් මාධ්‍යවේදියෙකු වන බර්ටි වීරසිංහ නැමැත්තෙකි.ඔහු විසින් negombotoday.lk නමින් වෙබ් අඩවියක්  පවත්නාගෙන යනු ලබයි.
විමල් දැන් වැඩියෙන්ම බය ජංගම දුරකතන අතැතිව මාධ්‍යකරණයේ නියැලෙන අයට බව යළිත් අද මීගමුවේදිද ඔප්පු විය.
එහෙත් දෛවයේ සරදම වන්නේ අදාල වෙබ් අඩව්ය  පසුගිය කාලය තුල වැඩියෙන්ම පෙනි සිට තිබුෙන් විමල් විරවංශලාගේ පාර්ශවය වෙනුවෙන් විමය.
කෙසේ වෙතත් අදාල වෙබ් මාධ්‍යවේදියාට පාට් දමමින් විමල් විරවංශ චණ්ඩියෙකු ලෙසින් හැසිරිම වෙබ් මාධ්‍යකරුවන් ලෙසින් අප තරයේ හෙළා දකින්නෙමු.