මොබිටෙල් කුළුණට විරෝධය

0
42

ඒත්තුකාල උඩප්පුවත්ත සුනාමි නිවාස වලට යාබදව පිහිටි පර්චස් 15 ක ඉඩම් කැබැල්ලක බදු පදනමක් මත් ඉදිකරන්නට සැලසුම්කර ඇති මොබිටෙල් කුඵණ ප්‍රදේශවාසින්ට අවධානම් විය හැකි බව කියමින් එය නවතා දමන ලෙස ඒ සියළුම පවුල්වල ජනතාව විසින් අත්සන් කරන්නට යෙදුන පෙත්සමක් මේ වන විට මීගමුව ප්‍රාදේශිය ලේකම්වරයාට භාර දි ඇත.එහි  පිටපත් සියළු වගකිව යුතු කොටස් වෙතද යවා ඇත.

එහි දක්වා ඇත්තේ මේ කුළුණ නිසා අකුණු අවධානම් මෙන්ම සුළු කුණාටු තත්වයකදි එකි කුළුණ කඩා වැටුනහොත් එය පතිත  විමට ඉඩ ඇත්තේ තෙමහල් සුනාමි නිවාස සංකිර්ණය මතට බවය.