මොහොතකට නලාකාරයා කලාකාර⁣යෙක් වෙයි …

0
414
 මීගමුව , මහජන බැංකුව ඉදිරිපිට කුණු කානුව ලඟ ඉඳ⁣ගත් ආබාධිත පුද්ගලයෙකි. ඔහු අසලම අත්වාරුවක් තිබුණ.  නලාවකින් ගීතයක අනුවාදනයක් වාදනය කරන   ඔහුට පොඩි හැකියාවක් තිබෙන බව පෙනුන. ඔහු ලඟ තවත් නලා තිබුණ . ඒ අනුව  කරන්නෙ නලා විකිණීම බවත්, ඒකට ඔහුගෙ ඒ වාදන හැකියාව  යොදා ගන්න බවත් තේරුණා.
IMG 20211208 WA0001
IMG 20211208 WA0002

මම ලඟට ගියේ නලාවක් ගන්න නෙවෙයි. ඔහු මට නලාවක් දෙන්න හැදුව නමුත් මම ආවෙ ටිකක් කතා කරන්න කියල ඔහුට කිව්ව.
ඒ අනුව ඔහුගෙ කාලයෙන් බිඳක් මට ලබාදුන්න.


ඔයාගෙ වයස කීයද?වයස අවුරුදු 73යි.
නම මොකද්ද? -නම අමීන්.
ඔහු උත්තර දුන්නා .

මෙසේ කෙටි කතා බහක් ඇතුලෙ ඔහු පුද්ගලික විස්තර රැසක් කිව්ව .
පිරිමි දරුවන් හතර දෙනෙකුගෙ පියෙකු වන අමීන් මීගමුවට ඇවිත් දවස් 10 විතර ඉන්නවලු. එහෙම ඉඳල නැවත ගෙදර යන බවත්, රෑට නිදාගන්නෙ, නයිට් කඩේ ලඟ පාර අයිනෙ තැනක බවත් අමීන් කිව්ව.මීගමුවට අමතරව කතරගම , මොනරාගල , අම්පාර වැනි නගර වලටත් ගිහින් තමන්ගෙ නලාටික විකුණන බවත් කිව්ව.

මහජන බැංකුවට මිනිස්සු එන්නෙ සල්ලි දාන්නයි. ගන්නයිනෙ. ඒනිසා මහජන බැංකුවෙ ඇතුල් වන තැනම ගේට්ටුව ලඟම ඉන්නෙ ඒ නිසා බව මට හිතුන. එක නලාවකින් රු. 50/ක් ලැබෙනවලු. මීට කලින් කඩයක් කළ බවත්, රෙදි බිස්නස් , මේ ආදී රස්සාවල් කරල අන්තිමේදි මේ රස්සාවට බැස්ස බවත් ඔහු කිව්ව.

කොහොම වුනත් අමීන් තමන්ගෙ මේ පොඩි නලා වාදන හැකියාව ජීවිතය නඩත්තු කරන්න යොදා ගැනීම අගය කළයුතු එකක්. මේක ජීවත්වෙන්න අරගල කරන අයට ආදර්ශයක් .
සැම්සන් ඥානසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here