මොළයක් නැති ඔළුවකට හෙල්මට් දාන අම්මලා තාත්තලා?

0
34

Aeon_Helmet_Dඛේදවාචකයන්ට පසුව ඒවා පාලනය කිරිමට විසදුම් හොයන ලංකාවේ පාලකයන් මෙන්ම නිතිය ක්‍රියාත්මක කරන පොලිසියද දිනපතා ඇගේ හැප්පෙමින් එහා මෙහා ඇදෙන අනතුරුදායක තත්වයන් ගැන සිටින්නේ වගක් නැතිවය.
විශේෂයෙන්ම පාසැල් යන දරුවන් මේ සිදුවිමට නියමිත දැවැන්ත ඛේදවාචකයන්ගේ වින්දිතයෝය
සාමාන්‍යයෙන් යතුරු පැදියකට අදාලව ක්‍රියාත්මක වියයුතු මුලික නිතිය උදේවරුවේ පාරේ ක්‍රියාත්මක නැති ගානය.
එක යතුරු පැදියක තුන්දෙනා හතර දෙනා බැගින් දරුවන් ගෙන යාමට මේ දෙමව්පියෝ පුරුදුව සිටිති.
මේ අයට ආරක්ෂිත හිස්වැසුම්ද නැත.විශේෂයෙන්ම ස්කුටි පෙප් වර්ගයේ යතුරු පැදිවල අනාරක්ෂිත ලෙසින් බොහෝ විට ගමන් යන අම්මලාද සිය දරුවන් හෙල්මට් නැතිව පාසැල් කැන්දන් යති.
කිසියම් අවිනිශ්චිත මොහොතකදි අනතුරුක් සිදුවුවහොත් හිස්වැසුම් නැති දරුවන්ගේ ඉරණම කෙසේ වේවිද ?
පාසැල් ගෙන යන දරුවන්ට පවා හෙල්මට් නිතිය යළිත් පොලිසියට සහ රජයට මතක් වනුයේ සිත් කම්පාකරවන අනතුරකින්ම පමණද ?