මොළ 7 තේ ඇමතිට වාසි පිට වාසි …….

0
135
රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනා මත පවරා තිබූ නඩුවෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ නිදොස් කොට නිදහස් කර තිබේ.
මෙම අදාළ නඩුව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබුණි.මේ අනුව සමෘද්ධි නිලධාරීන්ගේ පාරිතෝෂික මුදල් අවභාවිත කිරීමේ චෝදනා එල්ලවී සිටි හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය සහ වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නිදහස් කර ඇත.

නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබුණි.

කෙසේ වෙතත් මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවට, නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට කළ දැනුම්දීමට අනුව මෙලෙස නිදහස් කරන බවයි කඩුවෙල මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා කියා සිටියේය.

සමෘද්ධි නිලධාරීන්ගේ පාරිතෝෂික මුදල් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් පසුගිය 2015 වසරේ දී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව මෙම නඩුව පවරන්නට යෙදුණි.