මෝර වල යනු මුළු මීගමුවට පමණක් මේ අවට සැමට මුහුදේ අසිරිය විඳගත හැකි සුන්දරම තැනකි.මුහුද සැර අඩු කාලයක ගිලෙන්නෙ නැතිව නාන්නට හැකි ආරක්ෂිතව තැනකි.මේ නිසාම මේ නිවාඩු කාලයේ විශාල පිරිසක් නෑමට එති.මේ අතුමෙකු කෑම පමණක් නොව බීමද රැගෙන එති.ගැටලුව දැන් මතුව ඇත්තේ මේ කෑම බීම ගෙන එන අයගෙනි.මේ එන සම -හරක් වෙරිවෙන්නට බි ගෙන රැගෙන ආ හිස් බෝතල් මෙන්ම අනෙකුත් දෑද තැන තැන විසිකොට වෙරළ පරිසරය අපවිත්ර කොට යති.සැබැවින්ම මෙය පිළිකුල් සහගතය.තමන් මේ පරිසරය විඳගෙන තුටු වන්නේ නම් ඒ පරිසරය වනසන්නේ නැතුව පිරිසිදුව තබා යාමට කටයුතු කල යුතුය.දැනටමත් ගම්වාසින්ගේද දැඩි විරෝධයක් මේ වන විටත් එල්ල වන්නට පටන් ගෙනය.ඒ වීරෝධයේ සීමාව සලකුණු වන දිනය වැඩි ඈතක නම් නොවේ.