මෝඩ ඇලට මොකද වුණේ ?

0
71

DSC_0035කටාන, මහහුනුපිටියෙන් ගලා බසින මෝඩ ඇල යනුවෙන් හඳුන්වන මේ ඇල මීගමුව සීමාවේදී අප මීට ඉහත නිතර සාකච්ඡාවට ලක්කළ මීගමවේ දළුපත දෙපා ඇල නම්වූ ඇලට වැටේ. මෙම මෝඩ ඇල අවට ඉතා සශ්‍රීක බිමකි. මේගැන හොඳින් දන්නා මෙහි ජීවත්වන ශාන්ති ප්‍රනාන්දු මහත්මිය මෙම සශ්‍රීකත්වය සහ ඊට ඇලේ ඇති සම්බන්ධතාවය ගැන අදහස් පළකළේ මෙසේය.

මේ ඇල අවට අපි කුඩා අවධියේ ඉතා සශ්‍රීක බිමකි. ඇලේ ඒ කාලේ  මෙහි කුඹුරු යායක් තිබුණා. වෙනත් බෝග වර්ගත් වගාකළා. අපි ඒ කාලේ බතල, මඤ්ඤොක්කා,එලවළු ජාති, මුංඇට, මිරිස් සෝයා බෝංචි පවා වග කළා. නමුත් දැන් ඇල වර්ෂා දිනවල උතුරා යනව. එතකොට මේ පැත්තම යට වෙනවා. ඒක පවුල් 200කට විතර බලපානවා. පහුගිය දවස්වල විශාල ප්‍රමාණයකට ඩෙංගු හැදුනා. ගෝමස් වත්ත කියල තමයි මේ හරියට කියන්නෙ. ගංවතුර කාලෙට සහනාධාර ටිකක් දීල යනව මිසක් මේකට කිසිම විසදුමක් නෑ.

ශාන්ති මහත්මිය ඇලේ වර්තමාන තත්වය මෙසේ විස්තර කරයි.

මේ ඇල අඩි 18ක් පළලයි. ඒ වුනත් අද සමහර තැන්වලදි එය අඩි 8 දක්වා පටු වෙලා. ඒ වගේම මිනිස්සු ඇල වහගෙන. කුණු ජරාව සේරම දාන්නේ  ඇලට. ටොයිලට් බට හරවල තියෙන්නෙත් ඇලට. මේ ගැන සියළු විස්තර ඇතිව අපි ලංස මහත්තය ලට ගියා එයාගෙ පාලනය තියෙන කාලෙ.ඒවුනාට මේ ගැන කිසිම සැලකිල්ලක් දැක්වුවෙ නෑ.අද වෙනකම්ම කිසිම විසඳුමක් නෑ.
මේ බිම සශ්‍රීක බව පෙන්වන සාධක තැනින්තැන තිබෙන ලොකු කුඩා ශාඛ වර්ග වලින් හදුනා ගත හැක. ශාන්ති මහත්මියගේ නිවස ඉදිරිපිට විශාල තේක්ක ගස් වගේම කරුවල ගසක්ද ඇත. නිතර වතුරෙන් යටවන නිසා කොස් ගස් විනාශ වීගිය බවද ඇය පවසයි. මෙවැනි බිමක නිදහසේ ගලාගිය මෝඩ ඇල අද මෝඩ පාලකයින් සහ මිනිසුන් නිසා විනාශවී ඇත. මේ තත්වය වෙනස් කිරීමට නම් ජනතාවගේ අවශ්‍යතාවය ගැන පත්වන පාලකයින්ට හො අවබෝධයක් තිබිය යුතු අතර ජනතාවද තමන්ගේ වගකීම කුමක් දැයි හඳුනා ගතයුතුව ඇත. DSC_0036

  DSC_0034 DSC_0032

 

 

 

 

 



Save