යක්ෂාවේශවු කිර්ති වර්ණකුලසුරියගේ පටිරෝල්……

0
76

keerthiලංකාෙව් බහුතරයක් සිංහල මාධ්‍යවේදින් ගේ කැමැත්ත වන්නේ තමන් කැමති දෙමළා හමුවිමයි. ඒ දෙමළා සිංහල මාධ්‍යවේදින් කැමතිම දේවල් පමණක් කිව යුතුය.
එහෙත් 2013 අගොස්තු 13  දින කොළඹ පැවැති මාධ්‍ය හමුවේදි මේ ඇතැම් සිංහල මාධ්‍යවේදින් හට හමුව තිබුනේ තුවක්කු කටවල් වලට මැදිව ජිවත් වුවද ඇත්ත කියු දෙදෙනකි.ඒ ඔවුන් ගේ නිර්භිත කමයි.
මින් එක් අයෙක් මනුවෙල් අම්මාය. ඇගේ පුතු අතරුදහන්ව ඇත.
ඇය මාධ්‍ය හමුවේ පවසා සිටියේ අැෙග් කථාවයි.එහි හඩ පටය සමබිම වෙබ් අඩවියෙන් සවන් දිය හැක.
http://www.samabima.com/?p=7663

තතු එසේ වෙද්දි දිවයින පුවත් පතේ කිර්ති වරණකුලසුරිය නම් වු සිංහල මැට්ටා තමන්ට ලියන්නට ඉඩ දි ඇති දිවයින කොළමේ පට්පල් බොරු තොගයක් ඇද බායි( මේ සියළු බොරුවලට පිළිතුරු සමබිම අඩවිය විසින් කරුණු සහිතව සපයා තිබේ)
මින් භායනකම බොරුව වන්නේ මනුවෙල් අම්මා සිය පුතු නැතිවු බව බොරුවට කියන බව කල් ඇතිව මේ මාධ්‍යවේදින්  දැනගත් බවය.

….මැනුවෙලා උදයචන්ද්‍රන් මෙහිදී සිය පුත්‍රයා අතුරුදන් වූ බවත් සී.අයි.ඩී.ය නිතරම නිවසට එන බවත් ඒ නිසා බියක් දැනෙන බවත් කියා සිටියාය.

එහෙත් ඇය රඟපෑමක් කරන බව මාධ්‍යවේදීන්ට වැටහිණි….
(දිවයින කිර්ති වර්ණකුලසුරියගේ කොළමෙනි)

යුද සමයේ අපා දුක් විඳි සිය පුතු පවා අහිමිව සිටින මවක් පිළිබදව මෙසේ කුරිරු ප්‍රකාශයක් කළ හැක්කේ මව්කිරි  බි වැඩුණු මිනිසෙකුට නම් නොවේ.
මිනිස් භාගවලට පමණි.
අභාග්‍යය වන්නේ මේ රටේ මාධ්‍යවේදින් බහුතරයක් මෙවන් මිනිස් භාග නියෝජනය කිරිමයි.
එබැවින් එවන් මාධ්‍ය නරුමයන්ෙග්  මාධ්‍ය කලාවට එරෙහිව මාධ්‍ය සංස්කෘතියක් මේ රට තුල බිහිකළ යුතුව තිබේ.
කල්පවතින සාමයක් වෙනුවෙන් එය මේ රටේ ප්‍රගතිශිලි මාධ්‍යවේදින් හමුවේ ඇති ප්‍රබලතම අභියෝගයයි.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here