යතුරුපැදි කරුගේ ඉක්මන කොට වෙයි ! ජීවිතයටත් සමුදෙයි !

0
156

2පසුගිය දිනක  මිගමුව කට්ටුව ප්‍රදේශයේදි යතුරු පැදි කරුවෙකු කන්ටෙන්ර් රථයක ගැටි පසුව රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව මියගොස් ඇතැයි අපට වාර්ථා කර සිටි මීගමුව පොලිසියේ ස්ථානාධිපති සමන්ත වැලිවිට මහතා කියා සිටියේ කුඩුපට්ටම් වි ඇති යතුරු පැදිය මීගමුවේ පොලිසියේ ඇති බවත් එහි ඡායාරූපයක් ගෙන පළකරමින් නොසැලකිලිමත් යතුරුපැදිකරුවන් පණිවිඩයක් ලබාදෙන ලෙසත්ය.
කට්ටුව ප්‍රදේශයේදී සිදුව ඇති මේ අනතුර ගැන අප කළ විමසුමටක පිළිතුරු දුන් මීගමුව පොලිසියේ රථවාහන අංශයේ ප්‍රධානි ගජනායක මහතා කියා සිටියේ යතුරුපැදිකරු අපරික්ෂාකාරි ලෙස වාහනයක් ඉස්සරකිරිමට යැමත් සමග ඉදිරියෙන් පැමිණි ඇති රෝද 10 ක දැවැන්ත කන්ටේනරයේ ගැටි ඇති බවයි.
යතුරුපැදි කරු කටුවාපිටිය ප්‍රදේශයේ එක්දරු පියෙකු බවද කියැවේ .
නිවසට යෑමට කිලෝ මිටර 5 කට අඩු දුරක් තිබියදි ඉක්මන කොටකරගත් යතුරු පැදි කරු මේ සමාජයට තබා යන එක් පණිවිඩයක් තිබේ.
ඒ අප සමාජයේ ඇති පැරණි කියමන් යළිත් අපට මතක් කර දෙමිනි.
ඉක්මන් කොටය …….