යතුරු පැදිකරුවන්ට දෙවියන්ගේ පිහිට පමණයි ,මෙතෙක් කල් හෙල්මට් වලට ප්‍රමිති නීතියක් තිබිලා නෑ ?

0
91

2012-hjc-cs-r2-solid-helmet-mcssලංකාව තුල යතුරු පැදි කරුවන් විසින් භාවිතා කරන ලද යතුරු පැදි හිස් ආවරණ සදහා කිසිදු ප්‍රමිති නිතියක් ක්‍රියාත්මක නැතැයි හෙළිවේ.
පසුගිය කාලය තුල දිනෙන් දිනම යතුරුපැදිකරුවන්ගේ මරණ වාර්ථා විමට පටන්ගෙන තිබුනද අදාල බලධාරින්ගේ අවධානය ඒ දෙසට යොමුව තිබු බවක් නොපෙනුනි.
ඒ අනුව බලන කළ යතුරුපැදි කරුවන්ට හිස් ආවරණ පළදන්නට සිදුව තිබුනේ සිය ජිවිතය ආරක්ෂා කර ගැනිමට වඩා මාර්ග නිතිවල ඇති කොටසක් සම්පුර්ණ කරනු වස්දැයි අසන්නට තරම් තත්වයක් මතුව තිබේ.
කෙසේ වෙතත් ශ්‍රි ලංකා ප්‍රමිති සහතිකය සහිත යතුරුපැදි හිස් ආවරණ භාවිතය අද (01) සිට අනිවාර්යය කර තිබෙන බව   නෙත් වෙබ් අඩවියවිසින් දක්වා ඇත.මේ ගැන අදහස් දක්වමින් පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා සඳහන් කර තිබුනේ මෙම ක්‍රියාවලිය මීට වසරකට පෙර සිට ගැසට් කර තිබූ බවය.
හිස්වැසුම් පැළඳගෙන දිනකට සිදුවන මරණ 07 හෝ 08 ක් වන සිදුවන බවද ඔහු එහිදි කියා සිටියා .
ඒ හේතුවෙන් හිස්වැසුම් ප්‍රමිතියට අනුකූල කළ යුතු බවයි හසිත තිලකරත්න පෙන්වා දෙන්නේ.
මේ අනුව ප්‍රමිතියකින් තොර හිස්වැසුම් අලෙවිය තහනම් කිරිමේ නිතිය අද සිට ක්‍රියාත්මකය.