යතුරු පැදි වරදක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඉතිහාසයේ නියමවු ඉහළම දඩ මුදල ගාල්ලෙන් !

0
728

8646-illustration-of-a-silhouette-of-a-man-on-a-motorcycle-pvයතුරු පැදි වරදක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඉතිහාසයේ නියමවු ඉහළම දඩ මුදල (24) ඊයේ බටපොල පොලිසිය විසින් අත්තඩන්ගුවට ගෙන බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර යතුරු පැදියක් සඳහා නියම විය.

 බටපොල පොලිසිය විසින් ඊයේ දහවල් බටපොල නගරය තුළ රථවාහන සෝදිසි කරමින් සිටියදී ධාවනය වූ යතුරු පැදියක් පරීක්ෂා කිරීමේදී එහි චැසි අංකය ,ඉලක්කම් (නම්බර්) පුවරුව සහ ශබ්ද පාලකය (සයිලාන්සරය) වෙනස් කිරීම සම්බන්ධව අත්තඩන්ගුවට ගෙන ඊයේ සවස බළපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ඩ්‍රා ජයසූරිය මෙනවිය වෙත ඉදිරිපත් කෙරෙනි.
යතුරු පැදි වරද සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය රුපියල් 119000 (එක් ලක්ෂ දහනම දහසක) දඩ මුදලක් නියම කෙරෙනි.
එහිදි මහෙස්ත්‍රාත්වරිය විසින් චැසි අංක වෙනස් කිරීම හා අංක තහඩු වෙනස් කිරීම සඳහා රුපියල් 50000 බැගින් දඩ මුදල් දෙකක් සහ ශබ්ද පාලකය වෙනස් කිරීම සඳහා රුපියල් 15000 දඩ මුදලක් නියම කෙරිණි.
එලෙස යතුරු පැදිය හිමිකරුට රුපියල් 115000ක් සහ අත්තඩන්ගුවට ගන්නා මොහොතේ යතුරු පැදිය පැදවූ පුද්ගලයාට රුපියල් 4000 දඩයක් නියම කිරීමට මහෙස්ත්‍රාත්වරිය පියවර ගෙන තිබේ.
යතුරු පැදිය පැදවූ පුද්ගලයන් අම්පේගම ප්‍රදේශයේ පදිංචි කරුවන් බව බටපොල පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පොලිසිය සිදුකරයි.
ගාල්ල – නාගොඩ සුමන උදයන්ත.