යතුරු පැදි 2කක් එකට පැටලී සිදුවු අනතුරෙන් තරුණයන් 2 කකට දිවි අහිමිවෙයි !

0
304

මුන්නක්කරය අනතුමුන්නක්කරය අනතුර 2
පසුගිය 6 වන අඟහරුවාදා රාත්‍රි 10.30ට මුන්නක්කරය , සිරිවර්ධන පෙදෙසේදී තරුණයින් දෙදෙනකු යතුරුපැදි දෙකක් එකිනෙකට ගැටීමෙන් එතනම මියගිය පුවතක් අපට අසන්නට ලැබිණ . මෙම යතුරුපැදි අතර තවත් යතුරුපැදි තුනක තරුණයින් මෙහි සිටි බවද ආරංචි වේ.
මෙසේ මියගොස් ඇත්තේ සිරිවර්ධන පෙදෙසෙහි ජුඩිත් කුමාර සහ රෝයි දුමින්ද යන වයස අවුරුදු 19ත්22ත් අතර ඇති තරුණයින් දෙදෙනකි
වාර්තා වන අන්දමට මේ යතුරු පැදි දෙක එකිනෙකට පැටලිමෙන් අනතුරුව සිදුව ඇති අතර හිසට සිදුව තිබුන බරපතල තුවාල හේතුවෙන් දෙදෙනාම අනතුර සිදුවු ස්ථානයේදිම මිය ගොස් තිබුණි.

මීගමුව රෝහලට අදාලව සිදුවූ රිය අනතුරු ගැන විමසා බැලීමේදී පැහැදිලි වන්නේ වැඩි ප්‍රමාණයක් යතුරුපැදි වලින් සිදුවී ඇති බවත් , ඉනුත් වැඩි සංඛ්‍යාව තරුණයින් බවත්ය .
මෙයට ආසන්නම සාධකය වී ඇත්තේ වේගයයි.
වේගය, ආවේගය, කලබලකාරී බව සමඟ අසංවර කමට තරුණ ජවයද එකතුවී ඒ සියල්ල විසින් තරුණ මනස මෙහෙයවති.
අද සමාජය තුළ වපුරන්නේද මෙවැනි අවගුනයන්ය.
ඒනිසා නෙලාගත යුත්තේ වගාකල දේමය.
උඳු වපුරා තල බලාපොරොත්තුවිය නොහැක .
අද ත්‍රාසය , භීතිය නැති කලාව පුස්සකි. තාක්ෂණය තරුණයින් අතටම පැමිණ ඇත .එය දෙපැත්ත කැපෙන ආයුධයකි. ඒනිසා ප්‍රවේසමෙන් පරිහරණය කල යුතුය.
මාධ්‍ය දූෂණය රජ කරවීමට කටයුතු කරයි.
මේ සියල්ල කැටිකර ගත්විට නිර්මාණය වන්නේ සංවර සහ පරිනත තරුණයකු වෙනුවෙන් වු මගපෙන්විම් නොවේ ඒනිසා පවතින සමාජය තුළ තරුණ ජීවිත අකලට වියැකී යාම කණගාටුවට කාරණයකි .
මිගමුවේ සිදුවන මෙවැනි අනතුරු අවම කරගැනිමට මේ කලාපයේ රථවාහන පොලිසිවලට පැවරෙන වගකිමද ඉතා වැඩිය.
ඒ ගැන වඩාත් බුද්ධිමත් ක්‍රියාමාර්ග ඔස්සේ නොකඩවා ගෙන යන නිරන්තර වැඩපිළිවෙලක් තිබිය යුතුය.
ඒ වෙනුවට ඒ තාරුණ්‍යයට චණ්ඩි පාට් පෙන්විමෙන් ඒ අයව යහමගට ගතනොහැකි බව පොලිසියේ අදාල බලධාරින් තේරුම්ගත යුතුව තිබේ.
මුන්නක්කරයේ සිදුවිම අරභයාද මේ අදාලය.

.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here