යහපාලනයට ”මරා” වැහෙන ලකුණු ! මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකුව ගුවන් තොටේදි ප්‍රශ්ණ කරලා ?

0
95

ප්‍රකට මානවහිමිකම් ක්‍රියාකාරිකයෙකු වන රුකි ප්‍රනාන්දු  මහතා මානව හිමිකම් පිළිබදව එංගලන්තේයේ යෝක් සරසවියේ දේශන කිපයක් පැවැත්විම සදහා රටින් බැහැර යෑමට ගුවන්  තොටට අද පැමිණ අවස්ථාවේදි එහි ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිළධාරින් විසින් ඔහුව රදවා තබාගෙන ප්‍රශ්ණ කර ඇතැයි රුකි ප්‍රනාන්දු විසින් සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තබා තිබේ.
එහි ඇති කරුණු වලින් ඇගවෙන්නෙ යහපාලනයටත්  ”මරා” වැහෙන්නට පටන් ගෙන ඇති බවකි ?ඔහු පිට රට යන්නේ ඇයදැයි අසා ඇති මේ නිලධාරින් ඉන් නොනැවති ඔහුගේ පවුලේ අයගැනද ඔහුගේ රැකියා ඇතුළු තබත් බොහෝ දැ ගැන ප්‍රශ්ණ කර තිබේ.
ජනාධිපතිවරයා ජාත්‍යන්තර ගොස් එකක් කියද්දි පොලිසිය දැන්  පිස්සන්ට හැතැක්ම නැති විලිසින්  ක්‍රියාකරමින් සිටිති.
ඒ අනුව අපට යහපාලන බලධාරින්ගෙන් අහන්නට  මේ රටේ යහපාලන ස්ථාපිත කිරිමේ වගකිම කරට ගෙන ඇත්තේ කව්ද යනුවෙනි.