යහපාලනයට වසර 4 යි ! මාධ්‍යවේදින් ඝාතනය කළ මිනීමරුවන් නිදැල්ලේ !

0
190
mde

mde

ලංකා ඉතිහාසයේ වැඩිම මාධ්‍යවේදින් සංඛ්‍යාවක් ඝාතනය කළ රාජ්‍ය පාලකයා වන්නේ මහින්ද රාජපක්ෂය.මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් 44 දෙනෙකු රාජපක්ෂ පාලන කාලය තුල ඝාතනය කොට තිබේ.
යහපාලනය 2015 දි රාජපක්ෂ පාලනය පෙරළා දමමින් කියා සිටියේ මාධ්‍යවේදින් ඝාතනය කළ මිනිමරුවන්ට දඩුවම් ලබාදෙන බවය.
දැන් වසර 4 ක් ගෙවි හමාරය.
එහෙත් කිසිදු මිනිමරුවෙකු නිතිය හමුවේ දඩුවම් ලබානැත.
නිදහසේ වේදිකාව විසින් ඊයේ දිනයේ විහාර මහාදේවි උද්‍යානය අසලදි සංවිධානය කර තිබුණ නිහඩ විරෝධතාවයේදි අවධාරණය කර තිබුණේ ඩීල් එපා ගේම් එපා මිනිමරුවන්ට දඩුවම් දෙන ලෙසය.
එහිදි මාධ්‍ය හමුවේ අදහස් දැක්වු නිදහසේ වේදිකාවේ ප්‍රධාන ක්‍රියාකාරින් විසින් ද මෙය අවධාරණය කර තිබුණි.

මාධ්‍යවේදින් ඝාතනය කළ මිනිමරුවන්ට දඩුවම් ලබා දිමට කටයුතු නොකළ යහපාලනය රජය  ගැන තියුණු විවේදනයක් පසුගිය පාර්ලිමේන්තු කථාවක් තුලදි සිදුකරන ලද දමිල ජාතික සන්ධානයේ එම්. සුමන්තිරන් මන්ත්‍රිවරයාද මේ නිහඩ විරෝධතාවය එක්ව සිටියේය.එමෙන්ම රාජ්‍ය ඇමති අජිත් පි. පෙරේරා ඇතුළ සිවිල් සාමාජ ක්‍රියාකාරින් රැසක් මෙම නිහඩ විරෝධතාවය සිය සහය පළකරමින් එක්ව සිටිනු දක්නා ලදි.

dav