අතර මෙම මෙහිදී සාන්ත ජෝශප් ත්‍රි රෝද විසින් විරෝධතාවයක නිරත විය. එදින පෙරවරුවේදී පොළ ඉදිරිපිටදී බලහත්කාරයෙන් තම සංගමයට ත්‍රීවීල් 10ක් පමණ ඇතුල් කරන්නට උත්සාහ ගෙන ඇති අතර අවස්ථාවේදී එම ස්ථානයට නිරෝෂන් පෙරේරාගේ ලේකම්වරයෙකු හා ආධාරකරුවෙකු වන ශ්‍රී ලාල් නමැත්තා ද සහභාගී වී ඇත. ඔහු විසින් දේශපාලන බලය අයුතු ලෙස යොදාගනිමින් තමන්ගේ ආධාරකරුවන් ලෙස මැතිවරණ කාලයේ ඔවුන්ට වැඩකළ ත්‍රීවිල් රියදුරන් මෙලස බලෙන් වෙන්නප්පුව නගර මධ්‍යයේ ඇති ත්‍රීරෝද සංගමයට ඇතුල් කිරීමට උත්සාහ දරා ඇති බව මේ වන විට වාර්තා වන අතර ත්‍රීරෝද රථ සංගමයේ ලේකම් පවසා සිටියේ මෙම සිදුවීමට මුල්වූ ත්‍රීරෝද රථ රියදුරන්ට එරෙහිව මේ වනවිට වෙන්නප්පුව පොලීසියේ පැමිණිල්ලක් ද කර ඇති බවයි.